මං දණගැසූ කතාව බොරුවක් - බදුල්ල විදුහල්පතිනියගෙන් ප්‍රකාශයක්


ඌව ප‍්‍රධාන අමාත්‍යවරයා තමාව දණ ගැස්සූ බවට සිදුවන ප‍්‍රචාරය සහමුලින්ම අසත්‍යයක් බවත්
තමාගේ නාමය දේශපාලන ප‍්‍රචාරයන් සදහා යොදා නොගන්නා ලෙසත් ඉල්ලා සිටින බව  බදුල්ල

දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනි ටී.භවානි මහත්මිය

දන්වා සිටී.

මහ ඇමැතිවරයා බදුල්ල දෙමළ බාලිකාවේ විදුහල්පතිනිය දණගස්වා ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ ඌව
පළාත් සභා මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු දේශපාලකයින් මෙන්ම ගුරු සංගම් විසින් කරනු
ලබන චෝදනාව සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් විදුහල්පතිනිය මේ බව කියා සිටියාය.

දැරියක පාසලට ඇතුළත් කිරීම පිළිබදව පැන නැගුණු ගැටලූවක් සම්බන්ධයෙන් විමසීමට ප‍්‍රධාන
අමාත්‍යවරයා සිය නිල නිවසට තමන්ව කැදවා තිබුණේ  අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සහ පළාත්
අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඉදිරියේ බවත් එහිදී තමන්ට කිසිදු අපහාසයක් හෝ හිංසනයක් වන ආකාරයෙන්
කිසිවක් සිදුනොවූ බවත් ඇය කියා සිටියාය.

මේ දිනවල පවතින ඡන්ද උණුසුම හමුවේ මෙවැනි ප‍්‍රචාර ගෙන යාම තමන්ට හෝ තම පාසලට හොද
ක‍්‍රියාවක් නොවන බව පෙන්වා දෙන විදුහල්පතිනිය  ඕනෑම පරීක්ෂණයකදී තමා මේ සත්‍යය ඒ
ආකාරයෙන්ම ප‍්‍රකාශ කිරීමට පසුබට නොවන බවත් පැවසුවාය.
-එෆ්. අස්ලම්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment