උදය නානායක්කාර නැවතත් බලය අයුතු ලෙස පාවිච්චි කරයි.

උදය නානායක්කාර නැවතත් බලය අයුතු ලෙස පාවිච්චි කරයි.

ඉන්පසු ලන්ඩනයේ පැවති උත්සවයකට සහභාගි වීම සඳහා ද ඔහු විසින් විශාල ගෙවීමක් ලබාගෙන ඇත. මෙහිදී සංචාරක ප්‍රවර්ධන සභාපතිවරයා කිසිදු ලදු පතකින් තොරව රු. 457,00 ක් වටිනා ටිකට් පතක් ලබාගෙන ලන්ඩන් ගොස් තිබේ. රු. 350,000 ක මුදලකට ඕනෑම අයෙකුට ලෝකයේ තරු පහේ ගුවන් සේවාවක් වන කටාර් ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියේ මගියෙක් වශයෙන් නිව්යෝක් නුවරටම යාමට හැකියාව තිබේ.

කිසිදු ලදුපතක් (රිසිට්පතක්) නිකුත් කිරීමකින් තොරව තමන්ට මෙම රු. 475,000 ක මුදල ගෙවන ලෙසට ඔහු අලෙවි අධ්‍යක්ෂිකා මධුමානි මහත්මියට කියා ඇති අතර, ඇය ද ඉතා සතුටින් යුතුව එම ඉල්ලීම ඉටු කර දී තිබේ.

ඉන්පසු උදය නානායක්කාර සභාපති නිල කටයුත්තක් සඳහා ලන්ඩන් නුවර බලා ගොස් එතැනින් පුද්ගලික කටයුත්තක් සඳහා නිව්යෝක් නුවර ද බලාගොස් තිබේ. තවද මෙයට අදාළ දීමනා ද ඔහු විසින් අඩුපාඩුවක් නැතිව ලබාගෙන ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment