මංගල, ජනාධිපති හා අගමැති සමග කෙටවීමේ මෙහෙයුමක්?


මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉලක්කකර කරගනිමින් මේ සතිය පුරා පුළුල් මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නැයි පොහොට්ටු පක්ෂයේ මහ මොලකරු වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඔහුගේ මාධ්‍ය ජාලයට දැනුම් දී ඇත.

එහිදී මුදල හා මාධ්‍ය අමාත්‍යංශය විසින් මත්පැන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකල සංශෝධනවලට එරෙහිව බෞද්ධ භික්ෂුන් වහන්සේලා හා 'ජාතික බලවේග' උසිගන්වා ප්‍රකාශ ලබා ගනිමින් මෙම ගැසට් නිවේදනය අවලංගු කරවා ගැනීමට බලපෑම් කරන ලෙසත්, ඒ හරහා ජනාධිපතිවරයා හා මුදල් ඇමතිවරයා අතර ගැටුමක් නිර්මාණය කරන ලෙසත් බැසිල් රාජපක්ෂ මහතා සිය මාධ්‍ය ජාලයට උපදෙස් දී ඇත.

එසේම, ඒකාබද්ධය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව හුවාදක්වමින්, ඇමති මංගල සමරවීර මහතා ඉන් වාසියක් ගෙන අගමැතිවීමට සැරසෙන බවට සැකයක් ඇතිවන ආකාරයේ පුවත් නිර්මාණය කරමින් අගමැතිවරයා සහ මංගල ඇමතිවරයා අතර ගැටුමක් ඇතිකිරීමට කටයුතු කරන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා සිය මාධ්‍ය නඩයට වැඩිදුරටත් දැනුම් දී ඇත.

නාමල්ගේ නඩයත් වැඩට බසී

බැසිල් රාජපක්ෂ මහතාගේ මෙම මාධ්‍ය මෙහෙයුම සඳහා, පසුගිය සමයේ නාමල් රාජපක්ෂ මහතා සමග ක්‍රියාත්මක වූ 'තාරුණ්‍යට හෙටක් ' සංවිධානයේ හිටපු සාමාජිකයින් කිහිප දෙනෙකුද යොදා ගෙන තිබේ.

ඔවුන් ගෙන් ඇතැමුන් මේවනවිට ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍ය ආයතනවල ප්‍රධානින් ලෙස කටයුතු කිරීම බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයුමට වාසි සහගතවී ඇතැයි වාර්තාවේ.

මේවනවිට දේශපාලන මාධ්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂම සමාජ මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක වන්නේ බැසිල් රාජපක්ෂ මහතා යටතේය. පසුගිය ජනාධිපතිවරයයේදී හා මහ මැතිවරණයේදී රාජපක්ෂවරුන්ට එරෙහිව සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් ද තමා වටා ගොනුකර ගැනීමට ඔහු සමත්ව තිබේ.

(News Tube.lk)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment