ගුවන් යානයේ තෙල් ඉවර වෙලා ටෙනිස් ක්‍රීඩිකාව අතරමං


ලෝකයේ අංක 02 ටෙනිස් ශූරිය මෙන්ම විම්බෙල්ඩන් ශූරියක්ද වන ගාර්බයින් මුගුරුසා ඕස්ට්‍රේලියානු
විවෘත ටෙනිස් ශූරතාවයේ

අර්ධ අවසන් පූර්ව තරගයකට සහභාගි වීම සඳහා ලොස් ඇන්ජලීස් සිට බ්‍රිස්බෙන් බලායෑමට ගොඩවූ ගුවන් යානය ගුවන්ගත වී සුළු වෙලාවකින් නැවත හරවා ගෙන ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපළටම පැමිණ තිබේ.්‍. ඊට හේතුව යානයේ ඉන්ධන විශාල ලෙස අඩුවීම බවයි සඳහන් වෙයි.
මෙසේ නැවත හරවාගෙන ගොස් ඇත්තේ කොන්ටාස් ගුවන් සේවයට අයත් ඒ 380 වර්ගයේ ගුවන් යානයකි.
මේ හේතුව නිසා ඇයට පෙරහුරු තරග අහිමි වී තිබේ.
මෙම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය විශේෂ සිදුවීමක් ලෙස වාර්තා කර තිබේ. ක්‍රීඩිකාවට සිදුවූ අවාසිය සම්බන්ධයෙන් ඇය නීතියෙන් කටයුතු කරනු ඇති බවටද වාර්තා පළව තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment