විමල් තනිවෙලා දිනේෂ් තනිවෙලා මහින්ද ගෙදර යනවා - එස් බී.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (3දා) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මෙසේ පැවැසීය.

මහින්ද රාජක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ  පොහොට්ටුව තුළ ශ්‍රී ලනිප නියෝජනය කරන කනිෂ්ඨ
මන්ත්‍රිවරුන් පිරිසක් පමණක් නියෝජනය වෙනව මිස ජ්‍යෙෂ්ඨයින් කිසිවකු පොහොට්ටුව සමඟ එක් වී නෑ.ශ්‍රී ලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවීමත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පොහොට්ටුව අත්හැර දේශපාලන ජීවිතයෙන් විශ්‍රාම යෑමට සිදුවේවි.

දිවයින පුරා සියලුම පළාත් පාලන ආයතනවලට තරග වදින එකම සන්ධානය සහ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරමයි. ඒ නිසා මෙවර මැතිවරණයේදී මේ සන්ධානයට විශිෂ්ට ජයග්‍රහණයක් හිමි වෙනවා. ඒ අනුව බොහෝ ආයතනවල බලය පිහිටුවන්නේ අපියි. මැතිවරණයෙන් පසු පොහොට්ටුවේ බොහෝ මන්ත්‍රිවරුන් නිදහස් සන්ධානයට එකතු වෙනවා. ඉන් පස්සෙ ඔවුන් සමඟ තවත් පළාත් පාලන ආයතන කිහිපයක බලය අපි පිහිටුවනවා.
ශ්‍රී ලනිපය සහ ඒකාබද්ධ විපක්ෂ, අපේ පක්ෂයේ මිතුරන් ඒකරාශී කරන්න අපි දැවැන්ත උත්සාහයක් ගත්තා. මොකද එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස ඉදිරියට යන්න. ඒ සඳහා විශාල බාධා පැවැතියා. නමුත් කිව යුතුමයි. සන්ධානය සමඟ සිටි බොහෝ දේශපාලන පක්ෂ සිටින්නේ නිදහස් පක්ෂය එක්ක. දිනේෂ් ගුණවර්ධනගේ පක්ෂයේ ඉන්නෙ ඔහු විතරයි. ඔහු අද තනිවෙලා. මහජන එක්සත් පෙරමුණ විතරක් නෙවෙයි විමල් වීරවංශගෙ පක්ෂයේ බොහෝ දෙනෙක් අපි සමඟ නිසා විමලුත් තනිවෙලා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය සන්ධානය සමඟ තරග වදිනවා. මුස්ලිම් කොංග්‍රසය කැඩී ගිය අතාවුල්ලා සහ හිස්බුල්ලා නියෝජනය කරන මුස්ලිම් පක්ෂ ඉන්නෙ මේ සන්ධානය එක්කයි. ඒ නිසා මෙවර මැතිවරණයේදී නිදහස් සන්ධානය ජයග්‍රහණය තහවුරුයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment