එජාපයේ වැලිගම රැලිය

එජාපයේ වැලිගම රැලිය

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා,
"මහින්ද රාජපක්ෂ මහත්තයා 2011 මැතිවරණය ජයග්‍රහණය කළේ ජනාධිපති බලයෙන්, අගමැති බලයෙන්, හමුදා පොලිස් බලයෙන්, නිලධාරී බලයෙන්, ආණ්ඩුවේ පිටකසපු මාධ්‍ය බලයෙන්. දැන් මොකක්ද මහින්ද රාජපක්ෂ මහත්තයාට තියෙන බලය. කු.පා.ම., කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී. එයත් මන්ත්‍රී, මමත් මන්ත්‍රී. අනෙක් කාරණය අද තියෙන්නේ එදා තිබුණු එක්සත් ජනතා නිදහස් සන්ධානය නෙවෙයි. එදා එක්සත් ජනතා නිදහස් සන්ධානය කියන්නේ තනි පක්ෂයක්. අද සී සී කඩ විසිර ගිය පක්ෂයක්. ඒ නිසා ඉතා පැහැදිලිවම මේ මැතිවරණය එක්සත් ජාතික පක්ෂය දිනනවා. නමුත් සමහරු ප්‍රචාරය කරනවා මහින්ද අගමැති කරන්න පොහොට්ටුව දිනවන්න කියලා. ඒ කොහොම කිව්වත් මම කියනවා මේ මැතිවරණය නෙවෙයි තව මැතිවරණ ගණනාවක් ගියත් මහින්ද රාජපක්ෂ නැගිටිනවා බොරු. ඒ ගැන සැකයක් නැහැ."

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා,
"77 එක්සත් ජාතික පක්ෂය රට භාර ගන්නකොට මේ රටේ තිබුණු තත්ත්වය අපේ වැඩිහිටි උදවිය දන්නවා. මිනිස්සු දුක් විඳපු විදිහ විස්තර කරන්න අවශ්‍ය නැහැ. අපේ ආණ්ඩුවක් ඇවිල්ලා ඒ තත්ත්වය වෙනස් කළා. මේ රටේ ආර්ථික සංවර්ධනයක්, සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ඇති කළා නම් ඒ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. නමුත් දැන් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නෙවෙයි. දැන් තියෙන්නේ හවුල් ආණ්ඩුවක්. අභියෝග, ගැටලු තියෙනවා. අපේ පාක්ෂිකයන්ගේ කලකිරීම් තියෙනවා. නමුත් මේ කලකිරීම මධ්‍යයයේ මේ ආණ්ඩුව භාර ගත්තට පස්සේ වෙනසක් සිදුවෙලා තිබෙනවා. මධ්‍යස්ථව බැලුවම මේ ආණ්ඩුව එනකොට මේ රටේ දේපල විකුණලා තිබුණේ, නමුත් අද ඒවා වෙනස් කරලා තියෙනවා. එදා එදා වගේ ඝාතන, අතුරුදන් වීම් සිදු වෙන්නේ නැහැ, මහජනතාවගේ දේපළ සින්නක්කර විකුණනන්නේ නැහැ. වෙනසක් වෙලා තියෙනවා. නමුත් මේ රජය විශාල ණයක් පිට උඩ දරාගෙන යන්නේ. ඒ බර දරන ගමන් මේ රජය ජනතාව කෙරෙහි සංවේදී වෙලා තිබෙනවා. සියයට සියයක් සතුටු වෙන්න බැරි වුණත් හවුල් ආණ්ඩුවක් තුළ අපේ පාක්ෂිකයන්ට තිබෙන කලකිරීම නැති කරන්න ශක්තියෙක් ඔබතුමන්ලාට මේ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන්න පුළුවන්. "

කැලුම් ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment