මහින්දගේ අයිතිය පොහොට්ටුවට යයි.


තමාගේ ඡායාරූපයේ අයිතිය ඇත්තේ පොහොට්ටුව ලකුණින් තරග කරන ඒකාබද්ධ පොදුජන පෙරමුණට පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද  (02දා) පැවසීය.

සෑම කෙනෙකුටම තමන්ගේ ඡායාරූපය අවශ්‍ය වී තිබෙන බැවින් ඕනෑම අයෙකුට එය යොදාගත හැකි බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ හේතුවෙන් ඒකාබද්ධ පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් අභියෝගයකට මුහුණදී තිබෙන බවත්,එම අභියෝගය ජයගනිමින් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවිය යුතු බවත් ඔහු කීය.

රට වනසන ආණ්ඩුව පන්නමු-යළිත් අපි රට හදමු මැයෙන්  කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වූ ඒකාබද්ධ පොදුජන පෙරමුණේ සමුළුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ඒකාබද්ධ පොදුජන පෙරමුණේ අපේක්ෂකයෝ  ‘ගම හදන රට දිනන මහජන සම්මුතිය’ නම්   ප්‍රතිඥාව ඉටු කරන බවට පොරොන්දූ වූහ.

ඒකාබද්ධ පොදුජන පෙරමුණ සමග එක්ව සිටින දේශපාලන පක්ෂ නායකයන්,ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,පොදුජන  පෙරමුණ යටතේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙම සමුළුවට සහභාගි වූ අපේක්ෂිකාවන් කුරහන් සාටකයේ පාටින් යුත් සාරිවලින්ද, අපේක්ෂකයෝ ජාතික ඇඳුමින්ද සැරසී සිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment