අද (02) කොළඹදී පැවති උත්සවයක් අමතමින් ජයසුන්දර මහතා මේ බව කියා සිටියේය.
මේ වනවිට පොලීසිය විවිධ අංශයන්ගෙන් විශාල දියුණුවක් අත්පත් කරගෙන ඇති බවත් පසුගිය වසර තුළ ලබාගත් ප්‍රගතිය සම්බන්ධයෙන් තෘප්තිමත් වියහැකි බවත් පවසයි. මේ සඳහා පොලීසියේ සියලු අංශවල මෙන්ම සියලු නිළධාරීන්ගේ සහාය ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් සියලු දෙනාට ගෞරවය හිමි වියයුතු බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.
ශ්‍රී ලංකා පොලීසියේ සේවය කරන නිළධාරීන්ගෙන් 50% කට ආසන්න පිරිසක් බස්නාහිර පළාතට අයත් පොලිස් කොට්ඨාශ 10 තුළ සිටින බවත් මේ නිසා බස්නාහිර පළාත තුළ සිදුවන අපරාධ පාලනය කිරීම පහසු වූ බවත් අවධාරණය කරයි.
පොලිස්පතිවරයාගේ ප්‍රකාශයට අනුව 2017 වසර තුළදී අපරාධ විසඳා අවසන් කිරීමේ ප්‍රතිශතය 20% සිට 75% දක්වා වර්ධනය වී තිබේ.
0 comments :
Post a Comment