පොලිස් රාජ්‍ය ඇමති උණු උණුවේ ම නාගොඩ පොලිසියේ දී යකා නටයි.


අද (01) සවස ගාල්ල නාගොඩ ප්‍රදේශයේ දී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය ඇමති පියසේන ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනහමුවක් පවත්වා ඇත.

එම ජනහමුවට සහභාගීවීමට පැමිණි පිරිස් හෙල්මට් නොමැතිව යතුරුපැදිවලින් ගමන්කර ඇත. අදාළ පිරිස් නාගොඩ පොලීසිය ආසන්නයේදී පොලිස් නිලධාරීන් විසින් නවත්වා හිස්වැසුම් නොමැතිව ධාවනය කිරීමේ වරදට දඩ පත් නිකුත් කර ඇත.

මේ බව ආරංචි වූ පියසේන ගමගේ රාජ්‍ය අමාත්‍යවරයා නාගොඩ පොලීසියට පැමිණ අදාළ දඩපත් නිකුත් කළ පොලිස් නිලධාරීන් අමතා "සක්කිලි තොපි කොහොමද මගේ රැස්වීම්වලට එන මිනිස්සුන්ට දඩ කොළ දෙන්නේ" ආදී වශයෙන් පවසමින් පොලිස් නිලධාරීන්ට තර්ජනය කර ඇත.

තවමත් වැඩභාරගෙනවත් නැති මේ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ හැසිරීම අනුමත කළ හැක්කේ කාටද ? 

ගාල්ලේ නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ගෙන් අපල උපද්‍රව ඇතිවීම පසුගිය කාලවලදීත් දක්නට ලැබුණි.

නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා නිසා බැට කෑ වඳුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා එසේ දේශපාලන අපල උපද්‍රවවලට මුහුණ දුන් එක් අයෙකි. හේමාල් ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යවරයාට දඩ පත්‍රිකා ලබා දුන් පොලිස් නිලධාරියාට අත්වූ ඉරණම අපට තවම මතකය.

දැන් ගාල්ලේ පොලිස් රාජ්‍ය ඇතිගේ ගොලයින්ට දඩකොළ නිකුත් කළ පොලිස් නිලධාරියා මීලඟ වින්දිතයා බවට පත්වෙමින් තිබෙන බවට වාර්තා වෙයි. 

යහපාලන රජයත් රාජපක්ෂ පාලනයේ අඩිපාරේ යමින් පොලිස් නිලධාරින්ට සලකයිද යන්න ගැන Info Sri Lanka News අප නිරතුරු අවධානයෙන්.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment