ජනපතිට ජාත්‍යන්තර සම්මානයක්.


මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම උදෙසා රාජ්‍ය නායකයෙකු ලෙස ඉටුකරන  මෙහෙවර අගයමින් මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ජාත්‍යන්තර සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විශේෂ සම්මානයක් පිරිනමා ඇත.

ලෝකයේ රටවල් 40ක් සහ රාජ්‍ය නොවන සංවිධාන 87 ක සහභාගිත්වයෙන් පසුගියදා චීනයේ මැකාවෝහි පැවැති මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී පිරිනැමුණු මෙම සම්මානය ජනාධිපතිවරයාට අද  (02දා) පිරිනැමීය.

මේ අතර මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම වෙනුවෙන් සිය ශ්‍රමය සහ ධනය කැප කරමින් දශක තුනකට අධික කාලයක් පුරා සිදුකරන ලද මෙහෙවර අගයමින් ,මිතුරු මිතුරෝ සංසදයේ, නිර්මාතෘ පූජ්‍ය කුප්පියවත්තේ බෝධානන්ද ස්වාමින් වහන්සේ වෙත මෙම ජාත්‍යන්තර සම්මේලනයේදී පිරිනැමුණු සම්මානය ද මෙහිදී ජනාධිපතිවරයා අතින් උන්වහන්සේ වෙත පිළිගන්වන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment