එක්නැළිගොඩ ගැන තොරතුරු නොදුන් යුද හමුදාවට හෝමාගම මහේස්ත්‍රාත්ගෙන් දෝස්මුරයක්!

එක්නැළිගොඩ ගැන තොරතුරු නොදුන් යුද හමුදාවට හෝමාගම මහේස්ත්‍රාත්ගෙන් දෝස්මුරයක්!
එක්නැළිගොඩ මහතාගේ අතුරුදහන් වීමට අදාළව ඔහුට දුරකථන ඇමතුමක් ලබා ගත් එක් අංකයක් යුද හමුදාව භාවිතා කරන්නක් බවත් එය එවකට භාවිතා කළේ කවුද යන්න මෙන්ම ඔහුව පැහැර ගෙන ගිය බව කියන අක්කරෙයිපත්තුව යුද හමුදා කඳවුරේ සේවයට වාර්තා කිරීම පිළිබඳ වාර්තාත් පිළිබඳ අධිකරණය ඉල්ලා ඇති තොරතුරු කිසිවක් ලබා දීමට යුද හමුදාව කටයුතු කර නැත. දිගින් දිගටම තොරතුරු ලබා දීම යුද හමුදාව මඟ හැරීම ගැන මහේස්ත්‍රාත්වරයා යුද හමුදාවේ නීති අධ්‍යක්ෂවරයාට සිය අප්‍රසාදය පළ කර තිබේ.
 
2010 වසරේ ජනවාරි මස 24 වැනි දින කොළඹට නුදුරු ප්‍රදේශයකදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදහන් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි බලකායේ ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන, ලුතිනන් කර්නල් අර්ජුන කුමාරරත්න, මාණ්ඩලික සැරයන්වරුන් වන ප්‍රියන්ත කුමාර, කණිෂ්ක ගුණරත්න, ප්‍රියන්ත ඩිලන්ජය, චමින්ද කුමාර සහ රවීන්ද්‍ර රූපසිංහ යන සත් දෙනාට චෝදනා එල්ල වී තිබේ.  
 
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් යුද හමුදා නිලධාරීන් වගකිව යුතු බවට සාක්ෂි හෙළිදරව් වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment