මුදල් ඇමති නොවුණා නම් අදත් රවී කැබිනෙට්ටුවේ ඉන්නවා - ජනපති කියයි

මුදල් ඇමති නොවුණා නම් අදත් රවී කැබිනෙට්ටුවේ ඉන්නවා - ජනපති කියයි

 

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීම අතරතුරදී ය. රවී කරුණානායක මහතාට මුදල් අමාත්‍ය ධුරය ලබා නොදෙන ලෙස තමන් මුලදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැවසූ බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

"මම ඕනෙ තරම් කිව්වා රවීට මුදල් ඇමතිකම දෙන්න එපා කියලා. රවී මුදල් ඇමතිකම අරන් කළේ හත්පොළේ ගා ගත්තු එකයි. රවී මට ගොඩක් උදව් කරපු කෙනෙක්. මම පක්ෂයක් නැතිව ඉන්නකොට මට පක්ෂය දීලා, ඡන්ද ලකුණ දීලා උදව් කළේ රවී. මම රවීට මුදල් ඇමතිකම දෙන්න එපා කිව්වේ රවී හොරෙක් නොවුණට යාළුවන්ට උදව් කරන්න ගිහින් රවී අමාරුවෙ වැටෙන බව දන්න නිසා. එදා මම කියපු දේ අගමැතිතුමා ඇහුවා නම් අදත් රවී කැබිනට් එකේ ඉන්නවා. රවී කැබිනට් මණ්ඩලයේ සිටිය යුතු ම පුද්ගලයෙක්" යනුවෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇත.

එසේම ඊයේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී තමන් කළ ප්‍රකාශ පටිගත කිරීමේ යන්ත්‍රයකින් පටිගත කරගෙන තිබේ. "මම කියන දේවල් මේ ගොල්ලෝ එළියට ගිහින් මාධ්‍යයට කියන්නේ කරුණු විකෘති කරලා. ඒනිසා මම කිව්වේ මොකද්ද කියලා පෙන්නන්න මම මේක රෙකෝඩ් කර ගන්නවා" යැයි පවසමින් ජනාධිපතිවරයා තම ප්‍රකාශ පටිගත කරගෙන ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment