අගමැති මූල්‍ය නගරයේ ප‍්‍රගතිය බැලීමට යයි.


අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද(02) දින ජාත්‍යන්තර මූල්‍ය නගරයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී ගොඩනැගෙමින් පවතින මූල්‍ය නගරයේ වර්තමාන තත්වය පිළිබඳව අග‍්‍රාමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට ලක්විය. මෙම චාරිකාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජි. නිහාල් රූපසිංහ යන මහත්වරුන්ද සහභාගී වූහ.

කොළඹ මූල්‍ය නගරය සඳහා ඩොලර් මිලියන 1000 ක ආයෝජනයකින් මහල් 60ක කුළුණු 03 ක් මෙම වසරේදී ඉදිකිරීම් ආරම්භ කිරීමට කටයුතු කෙරේ. එහි නව නීති සම්පාදනය මාර්තු මාසයේදී සිදු කෙරෙන අතර පරිසර වාර්තාව මැයි මාසයේදී සිදු කිරීමට නියමිත බව අග‍්‍රාමාත්‍යවරයාට මූල්‍ය නගර ව්‍යාපෘති කණ්ඩායම දැනුම් දෙන ලදි. 

තවද කොටුව, කොල්ලූපිටිය දුම්රිය ස්ථාන යා කරන සැහැල්ලූ දුම්රිය සේවයක් ද ආරම්භ කිරීමට නියමිත අතර චෛත්‍ය පාර සහ කොල්ලූපිටිය මුහුදු මාවත යා කෙරෙන නව මාර්ගයක් ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බවද සැලකර සිටියහ.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය නගරයේ වත්මන් ප‍්‍රගතිය පිළිබඳව සහ ඉදිරියේදී කි‍්‍රයාත්මක කිරීමට යෝජිත වැඩසටහන් පිළිබඳව ද අග‍්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment