ජෝන් කීල්ස් ලොකු පුටුවල වෙනසක්.


ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල වෙනසක් සිදුව ඇති බව නිවේදනය කර සිටී.

මේ අනුව සමාගමේ විධායක අධ්‍යක්ෂවරුන් වූ අජිත් ගුණවර්ධන හා රොනී පීරිස් 2017 දෙසැම්බර් 31 දින සිට බලපැවැත්වෙන පරිදි එම තනතුරුවලින් හා සමූහයේ අනුබද්ධ සමාගම්වල ඔවුන් දැරූ ධුරවලින් විශ්‍රාම ගොස් ඇත.

මේ අතර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි විධායක අධ්‍යක්ෂවරුන් වන ක්‍රිෂාන් බාලේන්ද්‍ර සහ ගිහාන් කුරේ, සමූහයේ නියෝජ්‍ය සභාපතිවරයා හ සමූහ මූල්‍ය අධ්‍යක්ෂවරයා ලෙසින් 2018 ජනවාරි 01 දින සිට පත්වීම් ලැබ තිබේ.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි වත්මන් සභාපතිවරයා වන සුසන්ත රත්නායක 2018 දෙසැම්බර් 31 දින එම තනතුරින් විශ්‍රාම යෑමට නියමිත අතර ඉන් අනතුරුව සමූහයේ සභාපති ධූරය සඳහා ක්‍රිෂාන් බාලේන්ද්‍ර පත්කරනු ලබන බවත්, සමූහයේ නියෝජ්‍ය සභාපතිවරයා හා සමූහ මූල්‍ය අධ්‍යක්ෂවරයා ලෙසින් ගිහාන් කුරේ පත්වීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වේ. මෙම පත්වීම් 2019 ජනවාරි 01 සිට බලපැවැත්වෙනු ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment