ඒ අනුව අදාළ නාවික හමුදා නිලධාරීන් දෙදෙනා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් නියෝග කර ඇත.
එම නඩුවේ සැකකරුවකු ලෙස නම්කර ඇති නාවික හමුදා කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තා විදේශගත වීම වළක්වාලමින් නියෝගයක් ද මහේස්ත්‍රාත්වරිය විසින් මෙහිදී නිකුත් කෙරිණි.
මෙම අපරාධය සම්බන්ධ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලෙසට විත්තියේ නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිට ඇති අතර එම ඉල්ලීම සම්බන්ධ නියෝගය ලබන 22 වනදා ලබා දීමට නියමිතය.
RN
0 comments :
Post a Comment