පුංචි ඡන්දෙට අනුරපුරට 2700ක පොලිස් ආරක්ෂාවක්

පුංචි ඡන්දෙට අනුරපුරට 2700ක පොලිස් ආරක්ෂාවක්

10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආරක්ෂාව තරකර ඇත්දැයි විමසූ අවස්ථාවේ ඒ මහතා මේ බව පැවසුවේය.

සාමකාමීව ඡන්දය භාවිතා කරන ලෙසත් ඡන්ද පෙට්ටි, ඡන්ද පත්‍රිකා කොල්ල කෑමට හෝ මැතිවරණ නීතිය උල්ලංඝනය වන අයුරින් කටයුතු කිරීමට කිසිවෙකු හෝ සූදානම් වුවහොත් එම ක්‍රියාවන් වැලැක්වීම සඳහා උපරිම බලය යෙදවීමට සියලුම ආරක්ෂක අංශ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන හතක පිහිටි පළාත් පාලන ආයතන 19 ක් සඳහා 2017 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව පුද්ගලයන් 672,161 දෙනෙකු මෙවර ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙන බව අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි. ඒ අනුරාධපුර මහ නගර සභාව, අනුරාධපුර නැගෙනහිර - බටහිර, පදවිය, කැබිතිගොල්ලෑව, මැදවච්චිය, රඹෑව, හොරොව්පොතාන, කහටගස්දිගිලිය, ගලෙන්බිදුණුවැව, තලාව, නොච්චියාගම, රාජාංගනය, ගල්නෑව, මිහින්තලය, තිරප්පනය, ඉපලෝගම, කැකිරාව සහ පලාගල යන ප්‍රාදේශිය සභාය.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 680ක් ස්ථාපිතකර තිබෙන අතර මධ්‍යස්ථාන 229ක ශාලා 905කදී ඡන්දය ගණන් කිරීමට නියමිත බව අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. එම ශාලා 905 අතරින් තැපල් ඡන්ද ගණන් කිරීම සඳහා ශාලා 225ක් වෙන්කර තිබෙන බව ද මැතිවරණයේ සියලුම කටයුතු සඳහා රාජ්‍ය නිලධාරින් 7000 කට ආසන්න පිරිසක් යොදවා තිබෙන බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

බී.එම්.විජේසූරිය - අනුරාධපුරය

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment