මොනෑෂ් සරසවිය සංවිධානය කරන ජාත්‍යන්තර ඇඟළුම් කර්මාන්ත සම්මන්ත්‍රණය මේ දිනවල ශ්‍රී ලංකාවේ

මොනෑෂ් සරසවිය සංවිධානය කරන ජාත්‍යන්තර ඇඟළුම් කර්මාන්ත සම්මන්ත්‍රණය මේ දිනවල ශ්‍රී ලංකාවේ

පෙබරවාරි 7 වැනිදා ආරම්භ වූ මෙය 9 වැනිදා දක්වා, එනම් හෙට දක්වා පැවැත්වේ.

මෙම ජාත්‍යන්තර ඇඟලුම් කර්මාන්ත සම්මන්ත්‍රණය ඉදිරිපත් කරනු ලබන්නේ ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් බිස්නස් ස්කූල්, ඒකාබද්ධ ඇඟළුම් සංගම් සමුළුව (ශ්‍රී ලංකාව); WMG, University of Warwick ;UK මොරටුව විශ්වවිද්‍යාලය (ශ්‍රී ලංකාව); කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය (PIM), ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, (ශ්‍රී ලංකාව); ඩකා විශ්වවිද්‍යාලය (බංගලාදේශය); Institute for Manufacturing, Centre for Industrial Sustainability, University of Cambridge (UK) සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසිනි.

ලෝකය පුරා ඇඟළුම් කර්මාන්තයට සම්බන්ධ සේවක පිරිස මිලියන 60ක් පමණ වනු ඇති බව සංඛ්‍යා ලේඛන මගින් පැහැදිලි වේ. බංගලාදේශය, කාම්බෝජය, චීනය, ඉන්දියාව, මියන්මාරය, පකිස්ථානය, ශ්‍රී ලංකාව සහ වියට්නාමය යන රටවල පිහිටි ඇඟළුම් කර්මාන්ත ශාලාවන්හි සේවය කරන පිරිස මිලියන 15කට ආසන්න ය. එයින් වැඩි කොටස කාන්තාවන් වන අතර ආසියානු ඇඟළුම් නිෂ්පාදකයින් විසින් සපයන ඇඟළුම් විශාල වශයෙන් සංවර්ධිත රටවල් වෙත අපනයනය කෙරේ.

ශ්‍රමය ඉතාම අඩු වියදමක් යටතේ ලබා ගැනීමට හැකිවීම, විශිෂ්ට සාම්ප්‍රදායික හැකියාවන් වැනි සාධක මත මූලිකවම රඳා පැවැත්ම නිසා ආසියානු ඇඟළුම් කර්මාන්තයට හිමි ව ඇත්තේ තරගකාරී ප්‍රතිලාභයකි. කෙසේ වෙතත් විශේෂ පාරිභෝගික අවශ්‍යතා, ඉහළ ඵලදායිතා මට්ටම් සහ නව්‍යකරණ ධාරිතාවයන් සපුරාලීම සඳහා ඉක්මන් ප්‍රතිචාර දැක්වීම මත පදනම්ව තරගකාරී ප්‍රතිලාභ සංවර්ධනය සඳහා මේ වන විට ආරම්භය දමා තිබේ.

ඵලදායීතා වර්ධනය, නොනවතින නව්‍යකරණය, ඵලදායී නායකත්වය, තිරසාරභාවය සහ ආචාරධාර්මික නිෂ්පාදනය යන කරුණු ඇඟළුම් නිෂ්පාදකයින්ට සහ ඔවුන්ගේ ප්‍රධාන ජාත්‍යන්තර ගැනුම්කරුවන්ට පමණක් සීමාවන වැදගත් කරුණු නොවන අතර ඇඟළුම් කර්මාන්තය සමග බැඳී සිටින රජයන්, රාජ්‍ය නොවන සංවිධාන, ආයෝජකයින්, ප්‍රවාහන සේවා සහ සැපයුම් දාම විසඳුම් ව්‍යාපාර සහ වෙනත් ගෝලීය ඇඟළුම් සැපයුම් දාමයන් සඳහාද අතිශය වැදගත් වේ.

ආසියානු ඇඟළුම් කර්මාන්තය අති නවීන නිර්මාණශීලීත්වය, සමීක්ෂණ සහ සංවර්ධනය ආදී සාධක සහ අගය එකතු කළ ක්‍රියාකාරීත්වයන් සමග ඉදිරියට යාමේ පරිවර්තනීය ගමන් මගකට පිවිසීම ඉතාමත් වැදගත්ය. ඉහළ මට්ටමේ නිෂ්පාදනය, සන්නිවේදනය සහ සැපයුම් දාම තාක්ෂණයන් අනාගතය සඳහා ඉතාමත් වැදගත්ය.‘Industry 4'0’ වෙළෙඳපොල වාර්තාව අනුව ඇඟළුම් කර්මාන්තයේ ඉදිරි අභියෝග සහ අවස්ථා හඳුනාගත යුතු අතර තවත් වර්ෂ 10 කින් කර්මානත්ය කෙසේ පවතීද යන වග එයින් දැනගැනීමට අවස්ථාව ලැබේ.

මෙම සම්මන්ත්‍රණ සඳහා ලෝකය පුරාම සමීක්ෂකයින්, වෘත්තිකයින් (පාරිභෝගික විධායකයින්, නිෂ්පාදන විධායකයින් සහ පළවෙනි/ දෙවැනි පෙළ සැපයුම්කරුවන්) සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සහභාගී වන අතර පුළුල් පරාසයක මාතෘකා එහිදී සාකච්ඡාවට බඳුන් වේ.

සම්මන්ත්‍රණයෙහි පළවෙනි දිනය (2018 පෙබරවාරි 07, බදාදා) කොළඹ සිනමන් ලේක්සයිඞ් හෝටලයේදී වුණු අතර පහත දැක්වෙන ප්‍රධාන සැසිවාර හතරක් සංවිධානය කර තිබේ.

01 සැසිය : “ගෝලීය ඇඟළුම් අගය දාමයන් සහ ඵලදායීතා වර්ධනය පිළිබඳ වත්මන් තත්ත්වය”, “ඩිජිටල් ලෝකය තුළ ඵලදායීතාවය සහ කඩිසරභාවය (පාරිභෝගික ප්‍රතිචාර දැක්වීම සහ ව්‍යාපාර ආකෘති කඩිසරභාවය) පවත්වාගන්නේ කෙසේද?
අදහස් දක්වන්නන්: මහාචාරය ජෑන් ගොඞ්සෙල්, WMG (Warwick Manufacturing Group, බ්‍රිතාන්‍යය,; Faruqur Hassan මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති, බංගලාදේශ ඇඟළුම් කර්මාන්තකරුවන්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය; සහ ශක්ති රණතුංග මහතා, අධ්‍යක්ෂ - සමූහ මානව සම්පත් - MAS හෝල්ඩිංග්ස්, ශ්‍රී ලංකාව

02 සැසිය - සාකච්ඡා මණ්ඩල සැසිවාරය: “නිරන්තර නව්‍යකරණය: Industry 4.0 සහ ඇඟළුම් කර්මාන්තය, “නව ඩිජිටල් ආර්ථිකය විසින් අපට ලබා දෙන අවස්ථා ප්‍රාග්ධනකීරණය කරගන්නේ කෙසේද? ඇඟළුම් කර්මානත්යේ නිෂ්පාදකයින් සඳහා තරගකාරීත්වය වර්ධනය කරමින් ආර්ථිකය නැවත සකස් කරගන්නේ කෙසේද?: යන ප්‍රශ්නය මෙම සැසියේදී සාකච්ඡා කෙරිණි.  මෙම සාකච්ඡා මණ්ඩලයට Dai Forterre මහතා, Australia Post and Politecnico di Milano; සමත් ප්‍රනාන්දු මහතා, ප්‍රධාන තොරතුරු නිලධාරී, හයිඩ්‍රාමනී සමූහය; මහාචාර්ය ශිබ්ලි ආර් ඉස්ලාම්, ඩකා විශ්වවිද්‍යාලය, බංගලාදේශය; සහ මහාචාර්ය එඞ්වර්ඞ් බකින්හැම්, මොනෑෂ් ව්‍යාපාර පාසල, මොනෑෂ් විශ්වවිද්‍යාලය යන විද්වත්හු සහභාගී වූහ.

03 සැසිය - සිද්ධි අධ්‍යයන ඉදිරිපත්කිරීම් - “ඇඟළුම් කර්මානත්යේ විශිෂ්ටත්වයන් පෙන්වූ සිදුවීම් උදාහරණ, විදියා අම්රිත් කාන්, අධ්‍යක්ෂ - දේශ් සමාගම් සමූහය, බංගලාදේශය; ෆීලික්ස් ඒ ප්‍රනාන්දු මහතා, ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ, ඇල්ෆා ඇපරල්ස් සමාගම සහ සිරියෝ සමාගම සහ අධ්‍යක්ෂ - ඔමේගා ලයින් සමූහය; මාරියෙල්ලා නොටෝ මහත්මිය, Linking Threads, නෙදර්ලන්තය; ශාරිකා සේනානායක මහත්මිය, තිරසාරභාවය පිළිබඳ අධ්‍යක්ෂිකා, ඵ්ී හෝල්ඩිංග්ස්, සුනෙත් ද සිල්වා මහතා, මධ්‍යම තිරසාර කණ්ඩායම, MAS හෝල්ඩිංග්ස්; රාජේශ් පරම්ජීත් ජයින්, Principle Associate, TATSAT VENTURES උපදේශක, ජාතික අත්කම් සංවර්ධන සංස්ථාව, හිටපු ප්‍රධාන විධායක නිලධාරී, බිබා ඇපරල්ස් පුද්ගලික සමාගම, ඉන්දියාව.

04 සැසිය - තවත් සාකච්ඡා මණ්ඩල සාකච්ඡා වටයක්  - “අනාගතය සඳහා නායකත්ව හැකියාවන් සංවර්ධනය කිරීම,“තිරසාරභාවය සහතික කරන අතර ඇඟළුම් ක්ෂේත්‍රයට අගය එක් කළ නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා පරිවර්තනය වීමේදී අවශ්‍ය වන ශඛ්‍යතාවයන් මොනවාද?” ප්‍රශ්නය මෙහිදී සාකච්ඡා කෙරිණි.

මේ අවස්ථාවට ආචාර්ය මාක් ජොනස් Warwick Business School බ්‍රිතාන්‍යය; සදාෆ් සාස් සිද්දිකි මහත්මිය, අධ්‍යක්ෂ, Eske Clothing සමාගම, බංගලාදේශය සහ ඉෂාන් දන්තනාරායන මහතා, සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරී, බ්‍රැන්ඩික්ස්, ශ්‍රී ලංකාව යන අය එක්වූහ. 

ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරනු ලබන අතර දේශීය ආයතන සහ අනුග්‍රාහකයින් විශාල සංඛ්‍යාවක් ඊට සහයෝගය ලබා දෙති.

මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට සහ ලියාපදිංචි තොරතුරු ලබාගැනීමට http://ift.tt/2BfOniC වෙත පිවිසෙන්න.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment