සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (26) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණ කළේය.
එම සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“කැබිනට් සංශෝධනය කොමඩියක් බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. නමුත් මම කියන්න කැමැතියි පසුගිය රජය සමයේදී කැබිනට් සංශෝධන සිදු කළේ වෙනත් ආකාරවලින්. රජය විවේචනය කරන අමාත්‍යවරුන් මට්ටු කිරීම සඳහා තමයි කැබිනට් සංශෝධන සිදු කළේ. වත්මන් රජයේ ඇමැතිවරුන් අදහස් දක්වන්නේ තමන් සිතූ අමාත්‍යාංශය නොලැබීම සම්බන්ධයෙන්. ඇමැතිවරුන්ට අවශ්‍ය විදිහට කැබිනට් සංශෝධන සිදු කරන්න බැහැ. ජනතාව සමග ඉදිරියට යා යුතුයි. තව ද ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් මාධ්‍ය හමුවේ විවිධ ප්‍රකාශ නිකුත් කළා. නමුත් ඉරිදා දින සිදු කළ කැබිනට් සංශෝධනයේ වැදගත්ම අවස්ථාව තමයි රවීන්ද්‍ර සමරවීර මහතාට අමාත්‍ය ධූරයක් හිමිවීම. 1989 භීෂණ සමයේ පාර්ලිමේන්තුවට ප්‍රථමයෙන් පැමිණි ඔහු වසර 30 ක කාලයක් පුරා පක්ෂය වෙනුවෙන් පෙනී සිටියා. නමුත් පසුගිය මහ මැතිවරණවලදී පාර්ලිමේන්තුවට පැමිණි ඇතැම් මන්ත්‍රීවරුන් අමාත්‍යධූර ඉල්ලා සිටිනවා. රවීන්ද්‍ර සමරවීර මහතා ඉවසීමෙන් කටයුතු කිරිම නිසා තමයි එම අමාත්‍යධූරය හිම් වූයේ. ඉවසීම ඉතා වැදගත්. තනතුරු පස්සෙ යනවට වඩා තමන් ළඟට තනතුර ලැබෙනකම් සිටීම ඉතාම වැදගත්. ජනතාව විසින් ලබාදෙන තනතුර තවත් වැදගත්.”
“ඉදිරි වසර 02 ක කාලය තුළදී රජය ජනතාව වෙනුවෙන් සේවය කළ යුතුයි. පළාත් පාලන මැතිවරණයේදී ජනතාව රජයට පාඩමක් උගන්වා ඇතත්, පළාත් පාලන ආයතන පිහිටුවීමේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව පළාත් පාලන ආයතන පිහිටුවීමෙන් වැඩි බලයක් රජය සතු වෙනවා. ජනවාරි 08 ජනතාව ලබාදුන් ජනවරමට අනුව අපි කටයුතු කළ යුතුයි. ජාතික රජයක සිටීමේදී කැපකිරීම් කිරීමට ද සිදු වෙනවා. එක්සත් ජාතික පක්ෂයට තනි රජයක් බිහි කිරීමට අවස්ථාව තිබුනේ 2015 වසරේදීයි. නමුත් දේශපාලන ජයග්‍රහණවලට වඩා රට ජයග්‍රහණය කිරීමේ අරමුණින් යහපාලන රජය බිහි කිරිමට අපි තීරණය කළා. මම කිසිදු මැතිවරණ වේදිකාවක එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කළේ නැහැ. ජනවාරි 08 දාට ප්‍රථම විවේචනය කළ පිරිසම තමයි මම මෙවරත් විවේචනය කළේ. ඒ මගේ ස්ථාවරත්වයයි.”
“අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය බාර ගත්තේ සති දෙකක කාලයක් සඳහායි. ඉන් පසු එම අමාත්‍ය ධූරයට ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කරනවා. සරත් ෆොන්සේකා මහතාගේ පත්වීමට පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අකමැතියි. නමුත් පහළ ශ්‍රේණියේ නිලධාරීන් කැමැතියි. කෙළින් තීන්දු ගන්නා දක්ෂයන් අවශ්‍යයයි. ඩබල් ගේම් ගහන අය මෙම තනතුරට සුදුසු නැහැ. රණවිරුවන් ගැන කථා කරන අය පිළිගත යුතුයි සරත් ෆොන්සේකා මහතාත් රණවිරුවෙක් කියලා. අද මීනි මැරූ, කොල්ල කෑ පුද්ගලයින් ද රණවිරුවන් ලෙස නම් කර තිබෙනවා. රජය තීන්දු තීරණ සාධාරණව ගත යුතුයි. ඇමැතිධූර සදාකාලික නැහැ. පුද්ගලයින් දෙස බලා තීන්දු තීරණ නොගත යුතුයි. දෙපැත්තේ කකුල් තබාගෙන සිටින අය ඉවත් කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ තීන්දුවලට වඩා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කර තීන්දු තීරණ ගත යුතුයි. ඇමැතිවරුන්ට අවශ්‍ය පරිදි කැබිනට් මණ්ඩලය හදන්න දෙන්න බැහැ.”
0 comments :
Post a Comment