නිදහස් කුසලානයට ඉන්දියාවෙන් දෙවැනි පෙළ කණ්ඩායමක්

නිදහස් කුසලානයට ඉන්දියාවෙන් දෙවැනි පෙළ කණ්ඩායමක්
 
මෙම තරගාවලිය මාර්තු 06 වැනිදා ආරම්භ වන අතර මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සමග බංග්ලාදේශය යන කණ්ඩායම් සහභාගි වේ.
 
දකුණු අප්‍රිකාව සමග පැවති 20/20 තරගාවලිය සඳහා නම්කළ කණ්ඩායමේ ක්‍රීඩකයන් 06 දෙනෙකු විවේක ගන්වා ඇති අතර ඒ සඳහා නවක ක්‍රීඩකයන් පිරිසක් ඇතුළත් කර තිබේ. නායක විරාට් කෝලි, එම්.එස්. දෝනි, ජස්පිට් බූහ්රාහ්, බුවනේෂ්වර් කුමාර්, හර්දික් පාන්ඩ්‍යා සහ කුල්දීප් යාදව් මෙලෙස විවේක ගන්වා ඇත.
 
කෝලිගෙන් හිස්වන නායකත්වය සඳහා රෝහිත ෂර්මා නම්කර ඇති අතර ශිකාර් ධවාන් උප නායක්තවයට පත්කර තිබේ. රිෂාබ් පන්ට් කඩුල් රකින්නා ලෙස කැඳවා තිබේ. මීට අමතරව පිතිකරුවන් ලෙස විජේ ෂංකර් සහ දීපාක් හූඩා යන ක්‍රීඩකයන් මෙන්ම පන්දු යවන්නන් ලෙස වොෂින්ටන් සුන්දර් සහ මොහමඩ් සිරාජ් කණ්ඩායමට කැඳවා ඇත.
 
ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකාවේ දිගු සංචාරයක නිරත වූ අතර ලබන ජූලි මාසයේදී එංගලන්තයේ සංචාරයක් සඳහා සහභාගි වීමට නියමිත වේ. කෙසේ වෙතත් ඊට පෙර අප්‍රේල් මුලදී ඉන්දියානු ප්‍රීමියර් ලීගය ආරම්භ වේ. මේ නිසා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට මාසයකට අධික විවේකයක් ලබා දීමටයි ඉන්දියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන්නේ.
 
නිදහස් කුසලානය සඳහා නම්කළ ඉන්දීය කණ්ඩායම
රොහිත් ෂර්මා (නායක), ෂිකාර් ධවාන්, ලෝකේෂ් රාහුල්, සුරේෂ් රයිනා, මනිෂ් පාන්ඩේ, දිනේෂ් කාර්තික්, දීපාක් හූඩා, වොෂින්ටර් සුන්දර්, යුෂ්වේන්දර් චහාල්, අක්ෂාල් පටෙල්, විජේ ෂංකර්, ෂර්දුල් ඨාකුර්, ජයිදේව් උනඩ්කට්, මොහමඩ් සිරාජ්, රිෂාබ් පන්ට්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment