දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ බ්‍රිතාන්‍යය අගමැති කාර්යාලය අසළ විරෝධතා




බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත සංවිධානයක් ලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනමට ලක්ව තිබුණද, එම සංවිධානයට බ්‍රිතාන්‍යයේදී අනෙකුත් තහනම් සංවිධානවලට වඩා වැඩි නිදහසක් ලැබෙන බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය බ්‍රිතාන්‍යයේ සිදු කරන කටයුතු නීතිවිරෝධී බවත්
පවසමින් බ්‍රිතාන්‍යයේ

දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ යන තේමාව යටතේ බ්‍රිතාන්‍යයේ සිංහල සංවිධාන එකමුතුවෙන්  සංවිධානය කළ විරෝධතාවක් පෙරේදා (24) ප.ව.2.00 සිට ප.ව. 5.00 දක්වා ලන්ඩන් නුවර ඩවුනින් විදියේ බ්‍රිතාන්‍ය අගමැතිවරියගේ නිල නිවස ඉදිරියේදී පැවැත්විණි.

මේ සඳහා ඉතා ඉහළ ජන සහභාගිත්වයක් ලැබුණු අතර, එල්.ටී.ටී.ඊ. සංවිධානය බ්‍රිතාන්‍යයේ දේශපාලඥයන්ට උදවු කරමින් වැඩි වාසි ලබා ගන්නා බවත් විරෝධතාකරුවෝ මෙහිදී චෝදනා කළහ. · එමෙන්ම සිංහල රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ නම්, මේ වනවිට ලන්ඩනයේ රැඳී සිටින එල්.ටී.ටී.ඊ. ළමා සොල්දාදුවන් බිහි කිරීමට මූලික වූ ඇන්ටන් බාලසිංහම්ගේ බිරිඳ ඇඩෙලා බාලසිංහම්ට විරුද්ධව කටයුතු නොකරන්නේ මන්දැයි ඔවුහු විමසා සිටියහ.
 එල්.ටී.ටී.ඊ. කොඩි රැගත් කිහිපදෙනෙකු මෙම විරෝධතාවට බාධා කිරීමට උත්සාහ කළද, පොලීසිය මැදිහත්ව ඔවුන්ව වළක්වන අයුරුද දැකගත හැකි විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment