රනිල්ට එරෙහිව රහස් සාකච්ඡා : සාකච්ඡාව රනිල්ට ලීක් වෙයි.


රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් හා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලක් ආරම්භ වී ඇති බව එම පක්ෂයට සම්බන්ධ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනමතය හඳුනාගෙන වැඩපිළවෙළක් ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමත්, පදුගිය කැබිනට් මණ්ඩල සංශෝධනයේ සාධනීය ප්‍රතිචාරයක් නොලැබිමත් හේතුවෙන් එජාප නවක මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වය දැඩි ලෙස විවේචනය කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මේ සඳහා වන සාකච්ඡා වට ගණනාවක් පසුගිය දින කිහිපයේදී පවත්වා ඇති අතර ඒ සඳහා අමාත්‍යවරුන්ද සම්බන්ධ වී ඇත.

නුගේගොඩ තිබෙන එජාප ප්‍රභලයෙකුගේ නිවසේදී පෙරේරදා (25දා) රාත්‍රියේ මෙයට අදාළ රහස් සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත් එම අවස්ථාවට එජාපයේ හිටපු අමාත්‍යවරයෙක් සමග නියෝජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මනත්‍රීවරුන් කිහිප දෙනෙකු සහභාගි වී තිබෙන බවත් වාර්තා වෙයි.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද තමන්ව නායකත්වයෙන් ඉවත්කිරීමට එජාපය ඇතුළේම ක්‍රියාතමක වැඩපිළිවෙළ පිළිබඳ කරුණු දැන ගැනීමට ලැබී ඇතැයිද වාර්තා වෙයි.

එජාප නායකයාට හිතවත් මන්ත්‍රීවරයෙකු අරලියහග මන්දිරයේ සිටියදී පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලකට අදාළ සාකච්ඡාවක් සඳහා ආරාධනා කරමින් ඇමතුමක් ලැබී තිබෙන බවත්, එම අවස්ථාවේදී අදාළ මන්ත්‍රීවරයා විසින් සිය දුරකතනයේ හඩ වැඩිකර රනිල් වික්‍රමසිංහ මහතා ට ඇමතුම ඇසීමටද සලස්වා තිබෙන බවත් වාර්තා වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment