පෙමක් මුල් වී මිහින්තලය පාසල් සිසුන් දෙපිරිස අතර ගැටුමින් සිසුවෙකු රෝහලේ

පාසල් පෙමක් මුල්කර ගනිමින් එකම පාසලේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් යාන්ත්‍රික කියතක දම්වැලකින් පහර දී සිසුවකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් මිහින්තලය නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක සිසුන් දෙදෙනකු මිහින්තලය පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පහරකෑමට ලක්වූ මිහිතලය ඉලුප්පුකන්නිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිදි පාසල් සිසුවාගේ මවුපියන් විසින් පොලිසියට කළ පැමිණිලි මත මිහින්තලය කන්නට්ටිය හා බෝගහයාය ප්‍රදේශයන්හි පදිංචි 16 හැවිරිදි අපොස සාපෙළ සිසුන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.
පාසල් සිසුන් අතර පවතින

පෙම් අර්බුදයක් මුල්කර ගනිමින් මෙම පහරදීම සිදුවී තිබෙන බව පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පාසල අවසන් වී අමතර පන්ති ගිය අවස්ථාවේ දෙපාර්ශවය අතර සිසුවියක් මුල්කර ගනිමින් ගැටුම හටගෙන තිබෙන බව පොලිසිය පැවැසුවේය. අමතර පන්ති අවසන් වී සිසුන් නිවෙස් වලට යද්දී මිහින්තලය නගරය ආසනයේදී නැවතත් ගැටුම හටගෙන තිබෙන බවත් සැකකාර එක් පාසල් සිසුවකු සඟවාගෙන සිටි යාන්ත්‍රික කියත් දම්වැලකින් අනෙක් සිසුවාගේ හිසට පහර එල්ල කර තිබෙන බවත් පොලිසිය පැවැසුවේය. අත්අඩංගුවට ගත් සිසුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කිර්මට සූදානම් වුවත් සිසු දෙපාර්ශ්වයේ මවුපියන් දරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අවශ නැති බව කියමින් සමථයකට පත්වීම නිසා සිසුන්ට අවවාද කර මුදාහැරීමට පොලීසිය කටයුතු කර තිබිණි. පහර කෑමෙන් හිසට තුවාල සිදුවී අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව පිටවී ගොස් ඇති බව පොලිසිය පැවැසුවේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment