ආණ්ඩුවට බලගතු වෙනසක් අවශ්‍යයි - චම්පික රණවක

ආණ්ඩුවට බලගතු වෙනසක් අවශ්‍යයි - චම්පික රණවක
එම වැඩපිළිවෙල ඉදිරි  මාස තුනක් හා මාස 18 ක  කාලය සඳහා ගොඩනැගිය යුතු බවයි හෙතෙම පෙන්වා දුන්නේ. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීමට නොහැකි හෙයින් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ රට ආර්ථික වශයෙන් අස්ථාවර තත්ත්වයකට පත්කිරීමයි. 
 
දේශපාලන එදිරිවාදිකම්  වෙනුවට මෙරට දුගී භාවය තුරන් කිරීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි ඔහු කියා සිටයේ. හයලක්ෂයක් පමණ වන මෙරට දුගී ජනතාව ඉලක්ක කර ගෙන ඔවුන් නඟා සිටිවිම වෙනුවෙන් ක්‍රියා කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අද රටේ දැවෙනම ගැටළුවක් වන වතුර, නියඟය පිළිබඳ ගැටළුව, පොහොර සම්බන්ධ ගැටළුව මෙන්ම සමෘද්ධි සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් විධිමත් ක‍්‍රමවේදයක් සකසා දුගී බවෙන් රට මුදවා ගන්නා වැඩපිළිවෙලත්, ඉඩම් ඔප්පු ලබාදීම, නිවාස තනාදීමට නිවාස ණය ලබාදීම සහ ආර්ථික සහනාධාරය නිෂ්චිතව බෙදා හැරීම විධිමත් කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 
 
තවද නුදුරේදීම ඇතිවන විදුලිබල අර්බුදය, ජල සැපයුම් සහ ජල අපවහන පහසුකම් පිළිබඳ ගැටළුව, වරායේ ධාරිතාව නැතිවී තිබීම පිළිබඳ ගැටළුව, ගුවන් තොටුපලේ උද්ගත වී ඇති ප‍්‍රශ්න සඳහා වහාම පිළියම් ලබා දිය යුතු යැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය. 
 
නිශාන්ත ප්‍රියදර්ශන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment