ප්‍රථම ආදිවාසී කාන්තා නියෝජිතවරිය ශිරෝමාලා


ප්‍රථම ආදිවාසී කාන්තා නියෝජිතවරිය 
ශිරෝමාලා

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වරට ආදිවාසී කාන්තාවක පසුගිය දා පැවැත් වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂිකාවක් ලෙස දෙහිඅත්තකන්ඩිය – හේනානිගල දකුණ සහ උතුර බහු ආසනය වෙනුවෙන් තරග කළේය.

ඩබ්. එම්. ශිරෝමාලා වන ඇය මේවන විට 37වැනි වියේ
පසුවේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබා ඇති ඇය තිදෙරු මවකි.

ඇය ඡන්ද 1369ක් ලබා ගනිමින් මෙරට ඉතිහාසයට එක්වන්නේ ප‍්‍රථම ආදිවාසි මහජන නියෝජිතවරිය ලෙසය.

ඇය ලැබු ජයග‍්‍රහණය පිළිබඳ මෙලෙස පැවසුවාය.

“ මට මුලින්ම කියන්න

තියෙන්නේ අපේ රැහේ ඇත්තන්ට මෙතෙක් කල් නොවිසිදුණු ප‍්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි ඒ ප‍්‍රශ්න ඔක්කෝම විසඳන්න බෑ.

ටිකක් හරි විසඳන්න උත්සාහ කරනවා. ඒ වාගේම තමයි ඒ විශ්වාසය තියලා තමයි අපේ රැහේ අය වාගේම අනිකුත් අය මාව පත් කර ගත්තේ. ඒ නිසා මම කැමැති නෑ ඒ විශ්වාසය නැති කර ගන්න.

ඒ වාගේ ගිලිහි යන අපේ සංස්කෘතිය ආගම ඒ වාගේම ගමේ රටේ සංවර්ධනයට උපරිමය සහයෝගය ලබා දී කටයුතු කරන්නත් ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභාවටත් පාර්ලිමේන්තු මැතිවරණවලටත් ඉදිරිපත්වීම තමයි මාගේ එකම බලාපොරොත්තුවයි.”
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment