විගණකාධිපතිට එරෙහිව විශ්වාසභංගයක්?


මැතිවරණය ආසන්නයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ණය සම්බන්ධයෙන් අසත්‍ය අදහස් දක්වමින් සමාජය මුලා කිරීමට උත්සාහ කළ රජයේ විගණකාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා අද (13දා) පැවසීය.

විගණකාධිපතිවරයාගේ මෙම අදහස් දැක්වීම හේතුවෙන් ප‍්‍රාග්ධන වෙළෙඳ පොළ අවුල්වී තිබෙන බවත්, අගමැතිවරයා, පාර්ලිමේන්තුව, විගණකාධිපති හා ශී‍්‍ර ලංකා මහ බැංකුව යන සියලුම පාර්ශ්ව එක්ව ණය ගැන අසත්‍ය කරුණු  සමාජගත කිරීම නිසා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාව  නිරුවත්වී තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, අලුත් ජනපතිවරයෙක්, අලුත් අගමැතිවරයෙක්, අලුත් පාර්ලිමේන්තුවක්, අලුත් කැබිනට් මණ්ඩලයක් සහිත අලුත් වැඩපිළිවෙළක් රටට අවශ්‍යවී තිබෙන බවත්, අශ්වයා හා ජොකියා මාරු කිරීමෙන් මිසක රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩගත නොහැකි බවත්ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment