තනි ආණ්ඩුවක් පිහිටවීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අගමැති හමුවේ.


එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක්  පිහිටවීම සඳහා මේ වන විට උත්සහයක නිරතව සිටින බව ඇමති මනෝ ගනේෂන් මහතා පැවසීය.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂනායක වරුන් අද (13) පස්වරු 6.30ට අරලිය ගහ මන්දිරයට කැඳවා ඇතැයිද එහිදී ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා සමඟ එක්ව තීන්දු තීරණ ගන්නා බවද ඇමතිවරයා පැවසීය.

මේ අතර අද දහවල් සිට මේ දක්වා එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අරලිය ගහ මන්දිරයේ අගමැතිවරයා සමඟ සාකච්ඡා වල නිරතව සිටිති.

TNA ආණ්ඩුවට සහාය දැක්වීමේ කොන්දේසිය


දෙමළ ජාතික සන්ධානය රජයට සහාය දක්වන්නේ ජාතික ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් දෙන තෙක් පමණක් බව එහි මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් මහතා මාධ්‍ය නිවේදයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

'දෙමල ජාතික ගීතය පරාජයට හේතුවයි' - විදේශ ඇමතිගේ සොයා ගැනීමක්

නිදහස් උත්සවය දා ජාතික ගීය දෙමලෙන් ගැයීම පළාත් පාලන මැතිවරණයේ දී එජාපය ලද පරාජයට මුලික හේතුවක් බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා අවධාරණය කර සිටියි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග එජාප අමාත්‍යවරුන් ඊයේ පැවැත්වූ විශේෂ සාකච්ජාවේදී ඇමතිවරයා එබව සඳහන් කර ඇත. මැතිවරණය ප්‍රතිපල හා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා එම රැස්වීම කැඳවා තිබිණ.

'' දෙමලෙන් ජාතික ගියා ඇහෙන ඇහෙන වාරයක් පාසා අපේ ඡන්ද පනස් දාහක් විතර කැඩුනා. මේක හරිම අපරාධයක්. මේවා සංවිධානය කරන අය මීට වඩා ඕවා හිතන්න ඕන. අපේ සිංහල බෞද්ධ ඡන්ද පදනම මේවගේ වැඩ නිසා දවසින් සවස කඩා වැටෙනවා'' යයි ද විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

එම අවස්ථාවේදී මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, මාරපන අමාත්‍යවරයාගේ ප්‍රකාශය හෙලා දකිමින් දැඩි ආවේගයකින් යුතුව අදහස් දක්වා ඇත.

සමෘද්ධි අමාත්‍යංශය එජාප යටතට !

මැතිවරණ පරාජය සම්බන්ධයෙන් ඇමතිවරුන් කිහිප දෙනෙකුම එහිදී අදහස් දක්වා ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා එහිදී පවසා ඇත්තේ සමෘද්ධි අමාත්‍යංශය එජාපය යටතේ නොතිබුන හෙයින් එයින් එජාපයට ජනතාව අතරට යාමට තිබු මහගු අවස්ථාවක් මගහැරුණ බවයි.

වහාම සමෘද්ධි අමාත්‍යංශය එජාපය යටතට පවරා ගන්නා ලෙස ඔහු අගමැතිවරයාට යෝජනා කර තිබේ.

මෙහිදී අමාත්‍ය පී. හැරිසන් මහතා පවසා ඇත්තේ පොහොර නියමිත වෙලාවට නොලැබීම ග්‍රාමීය ප්‍රදේශවල පරාජයට මුලික හේතුව බවයි.


මෙහිදී අදහස් දක්වා ඇති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, මහරගම වැනි ප්‍රදේශ පරාජය වුයේ සමෘද්ධි නැති නිසාවත් පොහොර නැති නිසාවත් නොවනබව පවසා තිබේ. සිංහල බෞද්ධ ජන පදනම ආරක්ෂාකර ගැනීමේ අවශ්‍යතාවය ඔහු එහිදී අවධාරණය කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment