ඇමරිකන් තානාපති සහ මෛත්‍රී අතර විශේෂ සාකච්ඡාවක්


පුංචි ඡන්දයෙන් පසු ඇතිවන තිබෙන දේශපාලන අස්ථාවරභාවය ගැන‍ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේශප් සහ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන
බව අභ්‍යන්තර ආරංචි වාර්තා කරයි.

ඇති වී තිබෙන දේශපාලන වාතාවරණයත් සමග මාලදිවයිනේ තත්වයට සමාන දේශපාලන අර්බුදයක් ශ්‍රී ලංකාවේ ඇති නොවීම පිණිස කටයුතු සම්පාදනය කිරීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වී ඇතැයි ප්‍රකාශ විය.
ලංකාවේ පවතින ආණ්ඩුවට බිම් මට්ටමේ සහයෝගය නොමැතිවීම තුළ අනාගතයේ ජනතා විශ්වාසය අභියේගයට ලක්ව තිබෙන අතර ඉදිරියේදී කවර වෙනස්කම් සිදුවේද ඒ සම්බන්ධයෙන් ඇමරිකාව අවබෝධයෙන් සිටිය යුතු යයිද දන්වා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment