හම්බන්තොට වරායට සල්ලි හොයන්න ‘පැන්ඩා‘ බැඳුම්කර කරළියට.


චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩිංග්ස් විසින් රෙන්මිඹි මිලියන 500 ක ‘පැන්ඩා‘ බැඳුම්කර නිකුතුවක් සිදුකර තිබේ. මෙය ඇමරිකානු ඩොලර් 79.5 කට සමාන මුදලකි.

වසර තුනක පරිණත කාලයකින් යුතු මෙම බැඳුම්කරවලින් රැස් කරන ලද අරමුදල් හම්බන්තොට වරාය අත්පත් කරගැනීමේ ඉතිරි මුදල් පියවීම සඳහා යොදා ගැනීමට නියමිතය.

හොංකොං හි ලැයිස්තුගත සමාගමක් වන චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩිංග්ස් විසින් චීනයේ මුදල් ඒකකය වන රෙන්මිඹි වලින් මෙම බැඳුම්කර නිකුතුව සිදුකර තිබේ. රෙන්මිඹි මුදල් එක්කයෙන් කරනු ලබන බැඳුම්කර නිකුතු සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ‘පැන්ඩා‘ බැඳුම්කර යනුවෙනි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment