ගෝඨා පිළිගැනීමේ උත්සවය බැසිල්ගේ අණින් නවතී.


ඊයේ (12) දිවයිනට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකවරුන් විසින් සංවිධානය කිරීමට ගිය උත්සව බැසිල් රාජපක්ෂ විසින් නවත්වා ඇතැයි වාර්තා වේ. 

ඇමරිකාවේ සිට ඊයේ දිවයිනට පැමිණි ගෝඨාභය රාජපක්ෂව තම අනාගත ජනාධිපති අපේක්ෂකයා ලෙස මහත් හරසරින් යුතුව පිළිගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකවරුන්ට වුවමනා වී තිබිණි. ඔවුන්ගේ උත්සාහය වී ඇත්තේ කටුනායක ගුවන් තොටුපළේ සිට ගෝටාබය රාජපක්ෂ එන මඟ දිගට පිළිගැනීමේ උත්සව සංවිධානය කර දැවැන්ත රථ පෙළපාලියකින් ඔහුව කැඳවා ගෙන ඒමටය. එහෙත් බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස තමන්ට පක්ෂය තුළ ඇති විධායක බලය පාවිච්චි කරමින් එසේ උත්සව නොපැවැත්වීමට නියෝග කර තිබේ.

ගෝටාබය පිළිගැනීම සඳහා උත්සව සංවිධානය කිරීමට යෝජනා කළ සංවිධායකවරුන්ගෙන් බැසිල් රාජපක්ෂ විමසා ඇත්තේ "මොනවද තමුසලගෙ ලොක්කා කළේ ?" යනුවෙනි. "මිනිහා ඇමරිකාවට වෙලා නිවේදන නිකුත් කර කර හිටියා විතරයි. අපියි මෙහෙ අමාරුවෙන් වැඩ කරලා ඡන්දෙ දිනා ගත්තේ. දැන් එයා ඕනෙද මෙතන සව්දිය පුරන්න ? එයා වෙනුවෙන් කොහෙත්ම උත්සව ලෑස්ති කරන්න එපා. අපේ දේශපාලනයට තවදුරටත් ජාතිවාදියෝ ගාවගන්න ඕනෙ නෑ. " යනුවෙන් බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකවරුන් තවමත් සිටින්නේ බැසිල්ගේ හදිසි බහුශ්‍රැතභාවය ගැන පුදුම වුණු ගමන්ය. කෙසේවෙතත් බැසිල් රාජපක්ෂට ඉන්දියාව විසින් දී ඇති උපදෙස් ඔහු මනාව පිළිපදිමින් ඉන්නා බව මේ හරහා පැහැදිලි වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment