අවසාන මොහොතේ රනිල්ගෙන් මෛත්‍රීට පණිවුඩයක්!!

අවසාන මොහොතේ රනිල්ගෙන් මෛත්‍රීට පණිවුඩයක්!!

රටේ දේපාලනමය සැබෑ වෙනසක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මීට පෙර කටයුතු කළ අන්දමටම, සහයෝගීව සහ ඒකාබද්ධව පරිපාලන කටයුතු සිදු කළ යුතු බව අගමැතිවරයා අවධාරණය කර තිබේ.

ඔහු තවදුරටත් කියා තිබෙන්නේ, ප්‍රතිඵලය කුමක් වුවත්, මෙම ප්‍රධාන පක්ෂ දෙක විරසකයන් තේමාකරගෙන සහ ගැටුම් නිර්මාණය කර ගෙන කටයුතු කරන්නේ නම් එයින් පරිපාලනයට හා අනෝන්‍ය අවබෝධයට බාධා ඇතිවන හෙයින් මෙම එකඟතාවයට නොපමාව එළඹිය යුතු වන බවයි.

එයින් ප්‍රාදේශීය දේශපාලනඥයන්ට ද යහපතක් සැලසෙන බව අගමැතිවරයා තවදුරටත් පෙන්වා දී තිබේ.

මැතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් සෑම පළාත් පාලන ආයතනයක්ම ඒකාබද්ධව පරිපාලනය කළ යුතු බවට වූ මෙම යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා එක්කෝ නියෝජිතයෙක් හරහා, එසේත් නැතිනම් පක්ෂ දෙක අතර පාලමක් සේ ක්‍රියාකරන රාජිත සේනාරත්න අමාත්‍යවරයා හරහා එම යෝජනාව ඉදිරිපත් කරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment