‘අද කෝටිපති’ ලොතරැයියෙන් මාස පහක් තුළ කෝටිපතියන් හතරක්

‘අද කෝටිපති’ ලොතරැයියෙන් මාස පහක් තුළ කෝටිපතියන් හතරක්
ලොතරැයි පතක් වෙළඳපළට නිකුත් කර කෙටි කාලයක් ඇතුළත සුපිරි ජයග‍්‍රාහකයන් නොකඩවා බිහි කිරීමේ ගෞරවය සංවර්ධන ලොතරැයි මණ්ඩලයට මෙමගින් හිමි වන අතර සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ අඛණ්ඩ විශ්වාසය තවදුරටත් තහවුරු කරන්නට සංවර්ධන ලොතරැයියට හැකියාව ලැබී ඇත.
 
නැවුම් මාසයක ආරම්භයේදීම වාසනාවන්ත ලෙස නැවතත් සුපිරි ජයග්‍රාහකයෙක් බිහි කරන්නට පසුගිය 2018.02.01 වන දින අද කෝටිපති ලොතරැයි පත සමත් වූ අතර වාර්තාගත ලෙස කෝටිපතියන් බිහි කරන්නට අද කෝටිපති ලොතරැයිපතට හැකියාව ඇති බව නැවත වතාවක් සංවර්ධන ලොතරැයිය එමගින් තහවුරු කර ඇත. රු 61,582,355 ක සුපිරි ජයමල්ලකට වාසනාවන්තයෙක් හෝ වාසනාවන්තියක් බිහිකළ එම වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කර ඇත්තේ නාවලපිටිය අලෙවි නියෝජිත සී.එස්. හෙටිටිආරචිචි මහතායි.
 
අද කෝටිපති වාසනාවන්තයින් අතරට අලුතින්ම එකතු වූ එම වාසනාවන්තයා හෝ වාසනාවන්තිය කවුරුන්ද යන වග නුදුරේදීම ඔබට දැන ගැනීමට හැකියාව පවතින අතර මෙතෙක් බිහි වූ වාසනාවන්තයින් පිරිස අද වනවිට සංවර්ධන ලොතරැයි මණ්ඩලය හරහා තම සුපිරි ජයමලු ලබා ගෙන අවසන්ය.
 
අද කෝටිපති 65 වන වාරයේ සුපිරි ජය මල්ල වූ රු 68,465,475 ක මුදල නුවරඑළිය චන්ද්‍රලතා මහත්මිය දිනා ගත් අතර එම වාසනාවන්ත ටිකට්පත අලෙවි කළේ නුවරඑළිය අලෙවි නියෝජිත අතුල සුනන්ද බාලගේ මහතායි. එමෙන්ම අද කෝටිපති 73 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු 52,213,805 ක මුදල දිනා ගත්තේ හිගුරක්ගොඩ ඩබ්.ජී.අයි. විජේබණ්ඩාර මහත්මිය වන අතර එම වාසනාවන්ත ටිකට්පත අලෙවි කළේ කෝට්ටේ අලෙවි නියෝජිත ඒ.කේ.එස් මල්කාන්ති මහත්මියයි. තවද නොකඩවා ජයග‍්‍රාහකයින් බිහි කළ අද කෝටිපති 119 වන වාරයේ සුපිරි ජය මල්ල වූ රු 64,365,410 ක මුදල දිනා ගැනීමට මහනුවර ටී.එම්.එන්.එස්. තෙන්නකෝන් මහතා සමත් වූ අතර එම වාසනාවන්ත ටිකට්පත අලෙවි කළේ කෙයිසර් වීදියේ ඩී.ජී. වජිර මහතායි.
 
මාස 5 ක් වැනි කෙටි කාලයක් ඇතුළත සුපිරි ජයග‍්‍රාහකයින්ට අමතරව තවත් දස ලක්ෂපතියන් 81 ක් සහ ලක්ෂයේ ජයග‍්‍රාහකයින් 866 ක් බිහි කරන්නට අද කෝටිපති ටිකට්පතට හැකියාව ලැබී ඇත. අද කෝටිපති හරහා බිහි වූ මෙම සුපිරි ජයග‍්‍රාහකයින්ගෙන් හා සෙසු ජයග‍්‍රාහකයිනගෙන් සංවර්ධන ලොතරැයිය කෙරෙහි ඔබ තබන විශ්වාසය හෙට දවසේ අනිවාර්යෙන්ම වාසනාව රැගෙන එන බව නැවත නැවතත් තහවුරු කරයි. ඔබ වැය කරන පුංචි රුපියල් විස්සකින් ඔබත් වාසනාවත්තයෙක් කොට, ජීවිතේ හෙට දවස වෙනුවෙන් බලා සිටින පිළිසරණක් අවැසි රෝගී ජිවිතවලටත්, අනාගතය දිනන්නට සිහින දකින නොයෙක් ආර්ථික අපහසුතා සහිත සුවහසක් සරසවි දූ දරුවන්ටත් ශක්තියක් වන සංවර්ධන ලොතරැයිය ඔබේ ජිවිතයත් රටේ අනාගතයත් එළිය කරන නිධානයකි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment