මරණයකින් කෙළවරවූ අනියම් පෙම

පොල්ගහවෙල බටේකුඹුර ප්‍රදේශයේදී පෙරේදා (25දා) රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් තිස් හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොල්ගහවෙල පොලීසිය සඳහන් කරයි. මියගිය පුද්ගලයා සිය නිවසේ නිදා සිටි අවස්ථාවේ
පැමිණ ඇතැයි කියන වෙඩික්කරු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ.

පවුල් ආරවුලක් මත සිදුව ඇතැයි කියන මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ පොල්ගහවෙල බටේකුඹුර පදිංචි ජයසේකර මුදියන්සේල්ලාගේ මහේෂ් ඉන්දික දිසානායක නමැති තිස් හැවිරිදි රියැදුරෙකි.

මරණකරු සහ සැකකරු කලකට ඉහතදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු සිදුකළ පෞද්ගලික සමාගමක රියදුරන් ලෙස සේවය කර ඇත. එම කාලයේදී මරණකරු සැකකරුගේ බිරිඳ සමග අනියම් සබඳතාවක් ඇතිකරගෙන තිබේ.
මරණකරු විසින් සැකකරුගේ බිරිඳ සමග ඇතිකරගෙන තිබු අනියම් සබඳතාව මත මීට වසර හතරකට පමණ ඉහතදී ඔහුගේ දරුවන් තිදෙනාද සමග පොල්ගහවෙල ප්‍රදේශයට කැඳවාගෙන විත් එකට ජීවත්ව ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවල දී හෙළි වී තිබේ.
පළිගැනීමක් ලෙස මෙම වෙඩිතැබීම සිදු කරන්නට ඇතැයිද පොලිසිය සැක කරයි.
ෂොට්ගන් වර්ගයේ ගිනි අවියක් රැගෙන නිවසට ඇතුළු වූ සැකකරු මරණකරුට වෙඩි තබා පලාගොස් ඇත. වෙඩිතැබීම සිදුකර පලායන සැකකරු ඔහුගේ වැඩිමහල් පුත්‍රයා විසින් හඳුනාගෙන ඇතැයි පොලීසිය කියයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment