අම්පාර දැන් සන්සුන්

අම්පාර දැන් සන්සුන්

අම්පාර නගරයේ ඩී.එස්. සේනානායක වීදියේ ආපන ශාලාවකින් ආහාර ලබාගැනීමේදී ඇති වූ සිදුවීමක් දුරදිග යාම මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිවීමට හේතු විය. මේ හේතුවෙන් පිරිසක් හෝටලයට සහ එහි පිරිසට පහර දී බඩුබාහිරාදියට ගිණි තබා ඒ අද්දර තිබෙන ආගමික ස්ථානයකට සහ ඒ අසල නවතා තිබූ වාහන කිහිපයකට ප්‍රහාරයක් එල්ලකොට ඇති බවද වාර්තා වේ.

පසුව එම ස්ථානයට පැමිණි පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය තත්ත්වය පාලනය කොට ඇති අතර ඒ සම්බන්ධ වැඩිදුර පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මේ සම්බන්ධයෙන් ඇමති දයා ගමගේ විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රජය අපකීර්තියට පත් කිරීමේ අරමුණින් සහ සාමය සංහිදියාව කඩා බිඳදැමීම මුල් කරගෙන ඇති වූ මෙම තත්ත්වය සහ කුමන්ත්‍රණකාරීන්ගේ විරෝධය වහා මැඩපැවැත්වීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව සහ මේ මොහොතේ කුමන්ත්‍රණකාරී බලවේගවලට හසු නොවී, බුද්ධියෙන් කටයුතු කරන ලෙස ජාතිහිතෛෂී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

ampara attack 1

ampara attack 2

ampara attack 3

ampara attack 4

ampara attack 5

ampara attack 6

ampara attack 7

ampara attack 8

ampara attack 9

ampara attack 10

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment