'බන්දුලගේ ගෝලයා එපා' - පොහොට්ටුවේ බල පොරය හෝමාගමින් ඇරඹේ.


දේශපාලන සුසුසුකම් පසෙකළා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන විසින් හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිධුරය සිය හිතවතෙකුට ලබාදීමට උත්සාහ කිරීම හේතුවෙන් හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අහිමිවීමේ අවධානමක් මතුව ඇති බව වාර්තා වෙයි.

එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන විසින් මෑතකදී එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත සම්බන්ධ කරගත් සම්පත් ජයසිංහ වෙත හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිධුරය ලබාදීමට බලපෑම් කරමින් සිටියි.

ඒ ඔහු මෙවර පැවති පළාත් පාලන මැතිවරණයේදී වැඩිම මනාප ලැබූ පාර්ශවය ලෙස නම් කිරීම හරහාය.

එහෙත් මේ සම්බන්ධව විරෝධය දක්වන එම පක්ෂයේ පාර්ශව සඳහන් කර සිටින්නේ වසර 35ක පමණ කාලයක සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කර මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කර සිටින අජිත් මාතරාආරච්චි වෙත හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිධුරය හිමිවිය යුතු බවය.

එසේම පක්ෂය ගොඩනැගු අවස්ථාවේ සිට මැතිවරණය ජයග්‍රහණය දක්වාම කැපවීමෙන් කටයුතු කළ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ නියෝජිතයන් 10 කට අධික පිරිසක් එම මතයේ සිටින බවද ඔවුන් සඳහන් කරයි.

මේ පිළිබඳ ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ අවම වශයෙන් අජිත් මාතරාආරච්චිව උපසභාපතිධුරය සඳහා හෝ නම් කර නොමැති බවත් ඊට එරෙහිව තමන් ප්‍රාදේශීය සභාව තුළ ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසක් ලෙස කටයුතු කර බල පෙරළියක් වෙනුවෙන් ඉඩ සළසන බවට එකඟතාවක පසුවන බවත්ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment