රුසියාවට එරෙහි ඔලිම්පික් තහනම ඉවතට

 මෙවර ශීත සෘතු ඔලිම්පික් උළලේදී සැලසුම් සහගත ලෙස තහනම් උත්තේජක භාවිතය පිළිබඳ චෝදනා එල්ල නොවීම නිසා රුසියාවට එරෙහි ඔලිම්පික් තහනම ඉවත් කර තිබේ. අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව විසින් මෙතෙක් කාලයක් ඔවුන්ට එහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට ඒ අනුව එම කමිටුව තීරණය කර
ඇත.

කෙසේ වෙතත් මෙවර ශීත සෘතු ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවය සඳහා ද රුසියානු ධජය යටතේ ගමන් කිරීමට රුසියානු ක්‍රීඩකයන්ට ඔලිම්පික් කමිටුව විසින් අවස්ථාව ලබාදී නොතිබිණි. 2014 වසරේ පැවති සෝචි ඔලිම්පික් උළෙලේදී රාජ්‍ය සහාය සහිතව තහනම් උත්තේජක භාවිත කළ බවට ඔප්පු වීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව එම තහනම පැනවිණි.
මෙවර ස්වාධීන කණ්ඩායමක් ලෙස ශීත සෘතු ඔලිම්පික් උළෙලට සහභාගි වූ රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් දෙදෙනෙකු තහනම් උත්තේජක ගත් බවට චෝදනා එල්ල වී තිබිණි. ඔවුන් තහනම් උත්තේජෙන පරික්ෂණ වලින් අසමත් වීම නිසා රුසියානු තහනම ඉවත් කිරීමට නැවත වරක් සලකා බැලිය යුතු බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බැව් ප්‍රකාශ කර තිබිණි. නමුත් අවසානයේ තීරණය වුණේ ඔවුන් දෙදෙනා සැලසුම් සහගතව උත්තේජක ලබාගෙන නොමැති බවය. ඒ සඳහා රුසියානු ඔලිම්පික් කමිටුවේ මැදිහත්වීමක් සිදු වී නොමැති බවද තහවුරු වීමත් සමග රුසියාවට එරෙහි ඔලිම්පික් තහනම ඉවත් කිරිමේ තීරණයට එළඹ තිබුණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment