නිදා සිටියදී මිතුරාට වෙඩි තබා මරාදමා ගිහින්

පොල්ගහවෙල බටේකුඹුර පුදේශයේදී  (25) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොල්ගහවෙල පොලිසිය කියයි.
ජයසේකර මුදියන්සේලාගේ මනෝජ් ඉන්දික දිසානායක නමැති අයකු මෙසේ මරණයට පත්ව ඇති බව
පොලිසිය හඳුනාගෙන ඇත.

මියගිය පුද්ගලයා නිවසේ නිදා සිටි අවස්ථාවේ පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා පලා ගොස් ඇති බව පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත. වෙඩි තැබීම සිදුකර පලා යන වෙඩික්කරු මියගිය පුද්ගලයාගේ වැඩිමල් පුත්‍රයා විසින් හඳුනාගෙන ඇතැයි ද පොලිසිය කියයි. පවුල් ආරවුලක් මත වෙඩි තැබීම සිදුකර ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය කියන අතර අනියම් සම්බන්ධතාවයක් මත මෙම ඝාතනය හේතුවී ඇත් දැයි සොයා බැලීමට පරික්ෂණ සිදුකරන බවද පොලිසිය කියයි. සැකකරු හා මියගිය පුද්ගලයන් මිතුරන් බවද ඔවුන් දෙදෙනා කාලයක් පෞද්ගලික සමාගමක රියදුරන් ලෙස  සේවය කරමින් සිට ඇතැයි ද පොලිසිය කියයි. පලාගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොල්ගහවෙල පොලිසිය පරීක්ෂණ සිදුකරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment