ශ්‍රී දේවිගේ දේහය ඩුබායි සිට මුම්බායි වෙත අවසන් කටයුතු බදාදා සවස




  
Sri Devi -Death Updates
ශ්‍රී දේවිගේ දේහය ඩුබායි සිට මුම්බායි වෙත
අවසන් කටයුතු බදාදා සවස

අභිරහස් මරණයකට ගොදුරුවූ සුප්‍රකට බොලිවුඩ් නිළි ශ්‍රී දේවිගේ දේහය ඩුබායි දේශයෙන් නිදහස් කරගෙන ඉන්දියාව වෙත ගෙන ඒමේ වෙහෙසකර වෑයම අද සවස 5 ට පමණ අවසන් වූ අතර සන්ධ්‍යාකාලයේ වාර්තා වූයේ දේහය ඉන්දියාව වෙත ගුවන්ගතවූ බවයි. දේහය රැගත් ජෙට් යානය රාත්‍රී 9.45 ට පමණ මුම්බායි වෙත ළඟා විය.
දේහය රාත්‍රී ඇයගේ නිවසේ තැන්පත් කරනු ඇත.
මේ අනුව සඳුදා සහ අඟහරුවාදා වෙනුවට බදාදා දක්වා අවසන් කටයුතු
කල් තබා තිබේ.  28 බදාදා දින

මහජන ගෞරව සඳහා දේහය උදේ 9.30 සිට දහවල් 12 දක්වා මුම්බායිහි  Celebration Sports Club නමැති ස්ථානයේ තැන්පත් කර තිබෙන අතර
ශ්‍රී දේවිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හින්දු චාරිත්‍ර අනුව බදාදා (28) සවස Vile Parle Seva Samaj Crematorium සුසාන භූමියේදී සවස 3.30 ට පැවැත්වේ.
ශ්‍රී දේවිගේ මරණය හදිසියේ සිදුවූවක් වීමත් එහි සැකකටයුතු කාරණා තිබීමත් නිසා දේහය ඩුබායි නීතිරීති අනුව නිදහස් කරගැනීම කල්ගිය අතර ඒ නිසා එම කාරණාව රටම බලාසිටි ගැටලුවක් බවටද පත්ව තිබුණි.
මෙම වෙහෙසකර වෑයම වෙනුවෙන් බොනී කපූර් සැමියා ඇතුළු කපූර් පවුලේ වැඩිදෙනා ඩුබායි ගොස් ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටි බවද වාර්තා විය.
මේ සමග පළවන්නේ දේහය භාරගැනීම සඳහා ඉන්දියාවේ සිටි අනිල් කපූර් රාත්‍රී 9 ට පමණ මුම්බායි ගුවන්තොටුපළ වෙත ළඟා වූ අයුරු හා දේහය රැගත් රථය ගමන් කළ අයුරුය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment