ශ්‍රී ලංකන් එයා ලයින්ස් ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයට (Ground Staff) අහසින් වැටුණු ලොක්කෙක්

ශ්‍රී ලංකන් එයා ලයින්ස් ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයට (Ground Staff) අහසින් වැටුණු ලොක්කෙක්

මෙම පුද්ගලයා ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් සමාගමේ මානව සම්පත් ඒකකයට සම්බන්ධව පෙර රාජකාරි කළ අතර ඔහු විසින් වර්තමාන ප්‍රධාන විධායක නිලධාරී රත්වත්තේ මහතාට සහෝදර සේවකයන් සම්බන්ධයෙන් බොරු ගොතමින් හා රත්වත්තේ මහතාගේ පෞද්ගලික වැඩවලට උපකාර කිරීම මගින් තමන්ට කිසිදු පළපුරුද්දක් හෝ දැනුමක් නොමැති විශාල වගකීමක් දැරීමට සිදුවන මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ලෙස පත්වීමක් ලැබීය.

මෙම අවිධිමත් පත්වීම නිසා ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් ආයතනයේ කඩාවැටීම වේගවත් වී ඇති බව පෙනෙන්නට තිබේ. මේ නිලධාරියාගේ හැසිරීම හේතුවෙන් සියලුම ශ්‍රේණිවල නිලධාරීන් තම හිතුමතය අනුව ක්‍රියා කරන තත්වයක් මේ වන විට උද්ගත ව ඇත.

එසේම අදාල මෙහෙයුම් සාමාන්‍යාධිකාරීවරයා තමන්ට ලැබුණු අවිධිමත් උසස් වීම හරහා ආයතනයේ සේවකයන් වෙත විවිධ බලපෑම් එල්ල කරමින් සිටින බවත් වාර්තා වේ.

එසේම රත්වත්තේ මහතාගේ පිහිටෙන් ඔහුට මෙම නව තනතුර සම්බන්ධයෙන් පුහුණුවීමක් සඳහා අයර්ලන්තය බලා යාමට ද අවස්ථාව ලැබී ඇත. එම පුහුණුව සඳහා සම්පූර්ණයෙන්ම බරපැන දරනු ලබන්නේ ද ශ්‍රී ලංකන් ආයතනයයි. මෙම විදෙස් පුහුණුව ඔහු වෙත ලබාදීම සඳහා ද ප්‍රධාන විධායක නිලධාරී රත්වත්තේ මහතා මැදිහත් වී තිබෙන්නේ ප්‍රත්‍යුපකාර සැලසීමක් ලෙස යැයි ද ආයතනයේ සේවකයෝ පවසති.

ශ්‍රී ලංකන් ගුවන් සේවය තවදුරටත් ආගාධයට ඇද දමමින් ක්‍රියාත්මක වන මෙබඳු තීරණවල අවසාන ඉලක්කය වන්නේ, රටේ ජාතික ගුවන් සේවය හිතාමතාම පාඩු ලබන තත්වයට ඇද දමා අවසානයේ එය පිටරට සමාගම්වලට විකිණීමට පිඹුරුපත් සැකසීමදැයි සේවකයෝ ප්‍රශ්න කරති.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment