නීතිය හා සාමය අගමැති යටතට ගත්තේ තාවකාලිකව බවට ඉඟියක්

ඊයේ (25) සිදු කරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත්වුවද, එය තාවකාලිකව සිදු වූවක් බව සඳහන් වෙයි.

අග්‍රාමාත්‍ය කාර්යාලයීය

ආරංචි මාර්ග සඳහන් කර සිටියේ, එම අමාත්‍යාංශය බාරව සිටි සාගල රත්නායක මහතාගේ ඉල්ලා අස්වීමත් සමග ඊට සුදුස්සෙකු තෝරා පත් කරන තෙක් අදාළ විෂයය අග්‍රාමාත්‍යවරයා යටතට පත්කර  ඇති බවයි,

නීතිය හා සාමය  පිළිබඳ අමාත්‍යාංශයේ කාර්යභාරයන් හා ක්‍රියාත්මක වීම පසුගිය කාලයේ විවිධ මතභේදයන්ට ලක්ව තිබූ අතර, එම අමාත්‍යංශය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යටතට පත්විය යුතු බවටද බොහෝ දෙනෙකු අදහස් පළකර තිබිණි. කෙසේ වුවද,
අමාතශය තම පාර්ශවයේ   අමාත්‍යවරයෙකු යටතේම පවත්වා ගැනීමට අග්‍රාමාතයවරයා කටයුතු කරන බවත්, එසේම එය තමන් යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයාද උත්සාහයක නිරත වූ බවත් ආණ්ඩුවේ ආරංචි මාර්ග සදහන් කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment