ජනපති සහ අගමැති යළි සාකච්ඡා අරඹයි


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නිල නිවසට පැමිණ තිබේ.

එම සාකච්ඡාව සඳහා කැබිනට් අමාත්‍යවරුන් ද සහභාගි වී සිටින බව අප වෙත තොරතුරු වාර්තා වෙයි.

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව ලද පරාජයත් සමග රට තුළ දේශපාලන වාතාවරණය වෙනස් වූ අතර ඊට පිළියම් යෙදීම සඳහා විවිධ සාකච්ඡා මේ වනවිට ආරම්භ වී තිබේ.

නමුත් ජනපති සහ අගමැති අතර සාකච්ඡාවේ අරමුණ හෝ එහි වෙනත් තොරතුරු මේ වනතෙක් මාධ්‍යයට වාර්තා වී නොමැත.

ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා අතර වර්තමාන දේශපාලන තත්ත්වය සහ මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ ඊයේ රාත්‍රියේ ද සාකච්ඡාවක් පැවැත්විය.

එම සාකච්ඡාව පිළිබඳ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනු ලැබුවේ, මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳ සළකා බලා තමන්ට තීන්දුවක් ගැනිමට සිදුවන බව ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදි අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන් බව ය.

එබැවින් ඊට පෙර ඒ පිළිබඳ අග්‍රාමාත්‍යවරයාටම තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපතිතුමා දැනුම් දුන් බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරට ත් සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment