හවුලට තිත - එජාප තනි ආණ්ඩුවක්.


එජාපයේ ප්‍රබල ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් අද (11) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුව හවුල් ආණ්ඩුවට තිත තබා එජාප තනි ආණ්ඩුවක් හදන ලෙස ඉල්ලීමක් කර තිබේ.

තවත් කැඳහැළි සැකසිය නොහැකි බවත්, එජාප ආර්ථික හා දේශපාලන දර්ශනය පෙරටු කරගත් තනි ආණ්ඩුවක් සකසන ලෙස ඔවුන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර ඇත.

එසේම නායකත්වයේ වෙනසක් අවශ්‍ය නොවන බවත්, වික්‍රමසිංහ මහතාටම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන්නැයි එහිදී ඉල්ලා තිබේ.

අමාත්‍ය මණ්ඩලය අඩු වෙයි !

දහනමවැනි ව්‍යවස්ථා සංශෝධනයේ 46 (1) (අ) ප්‍රකාර අමාත්‍ය මණ්ඩලයේ මුළු සංඛ්‍යාව 30 නොඉක්මවීමේ කොන්දේසිය යටතේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමටද මෙහිදී යෝජනා වී තිබේ.

ඒ අනුව යහපාලන ආණ්ඩු සමයේදී අකාර්‍යක්ෂම හා පසුගිය පළාත් පාලන මැතිවරණයේ සිය ආසන දරුණු ලෙස පරාජයට පත් අමාත්‍යවරුන්ට ද අමාත්‍යධූර ලබා නොදීමට මෙහිදී සාකච්ඡා වී ඇති බව පැවසේ.

මන්ත්‍රීවරු 7ක් ගන්න සාකච්ඡා

මේවන විට කථානායකවරයා ඇතුළුව එජාපයට මන්ත්‍රී ධූර 107ක් ඇති අතර ඒ සඳහා තවත් මත්‍රීවරු 07ක් එක් කර ගැනීමට සාකච්ඡා පවත්වමින් සිටින බවද මේ අතර වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment