දිනූ හම්බන්තොට මහ නගර සභාවේ බලයත් එජාපයට අහිමි වන ලකුණු.


හම්බන්තොට මහ නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව සන්ධාන ගත වී පිහිටුවන බව හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියයි.

එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධූර 9 ක් හිමිව නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය හිමිකරගෙන තිබුනද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් මන්ත්‍රී ධූර 7 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ධූර 4 සමඟ එකතු වී මන්ත්‍රී ධූර 11 ක් ලබා ගෙන හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති වරයා ලෙස එම මන්ත්‍රී වරුන් 11 දෙනාගේ කැමැත්ත මත යළි පත්වීමට තීරණය කර බව එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කිය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන නායකත්ව හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන නායකත්වය සමඟ දැනට මේ සම්බන්දව සාකච්ඡා කර තීරණය කර ඇති බව එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මේ සම්බන්දව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය කර ඇති  ගාමිණි ශ්‍රී ආනන්ද මහතාගෙන් විමසීමේ දී කියා සිටියේ එවැනි එකඟතාවයට පත් වී ඇති බවයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට මහ නගර සභාවේ බලයද ගිලිහී යනු ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment