මැතිවරණ ප්‍රතිඵල යහපාලන රජයට බාධාවක් කරගත යුතු නෑ - ජනපති, අගමැති එකඟතාවයක

මැතිවරණ ප්‍රතිඵල යහපාලන රජයට බාධාවක් කරගත යුතු නෑ - ජනපති, අගමැති එකඟතාවයක
බහුතර ආයතන සංඛ්‍යාවක් පොදුජන පෙරමුණට හිමිව තිබුණද සමස්ත ප්‍රතිඵලය සැලකිමේදී හිටපු ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතය ආරක්ෂා කරගැනීමට ඔහු අසමත් වී ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබුණු ඡන්ද පදනම, මෙම මැතිවරණයේදී ආරක්ෂා කරගැනීමට ජනාධිපතිවරණයේදී ඔහුට සහයෝගය දැක්වූ කණ්ඩායම් සමත්ව තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා 47.58% ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අතර මෙවර ඔහුගේ සහයෝගය හිමි වූ පොදුජන පෙරමුණට ලබාගැනීමට හැකිවූයේ 44.38% ක ඡන්ද ප්‍රතිශතයකි. මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදී 51.28% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අතර එහිදී ඔහුට සහයෝගය දැක්වූ කණ්ඩායම් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණයේදී 51.83% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබේ.
 
මේ අතර සැළකිය යුතු පළාත් පාලන ආයතන ප්‍රමාණයක එජාප-එජනිස සම්මුතියෙන් එම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා ගැනීමට හැකියාව ලැබෙන අතර ඒ සම්බන්ධයෙන් නායකයන් දෙදෙනාගේ අවධානය යොමුව තිබේ. ඒ අනුව එම පළාත් පාලන ආයතනවල පාලන බලය පිහිටුවීමට දෙපාර්ශ්වය එකඟතාවයකට පැමිණ ඇත.
 
ඉදිරියේදී රැඩිකල් තීන්දු කිහිපයක් ගන්නා බව මීට පෙර ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි අනාවරණය වන්නේ. යහපාලනයට එරෙහිව ජනතා මතය ප්‍රකාශ වී ඇති බවට නිර්ණය කරනු ලබන ඕනෑම ඇමතිවරයෙකුට රජයෙන් ඉවත්වීමට කිසිදු බාධාවක් නොමැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති අතර සම්මුතිවාදී රජය තවදුරටත් ආරක්ෂා කරගැනිමට අගමැතිවරයා සහ ජනාධිපතිවරයා එකඟ වී තිබේ.
 
UN
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment