ජනාධිපති, 'ස්වර්ණවාහිනි' ප්‍රශ්නයට 'අතදාන' ලකුණු.


ඉහළ අගයකින් යුත් තරංග සංඛ්‍යාත හිමි කර ගැනීමේ අයිතිය පසුගිය කාලයේදී දේශීය මාධ්‍ය සමාගම්වලට පවා වලක්වා තිබියදී දැනට ස්වර්ණවාහිනියට අයත්ව තිබෙන රූපවාහිනි සංඛ්‍යාත විදේශීය සමාගමකට පැවැරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) පියවර ගන්නවා ඇත්ද යන ප්‍රශ්නයක් ඉස්මතු වෙමින් තිබේ. 

එම ප්‍රශ්නය මතුව ඇත්තේ, ඊඒපී සමූහ ව්‍යාපාරය සතු ස්වර්ණවාහිනි රූපවාහිනි හා ගුවන් විදුලි සේවා මැලේසියානු සමාගමකට ලබාදීමට අගමැතිවරයා ගෙන ඇති තීරණය හේතුවෙනි.

රුපවාහිනී හා ගුවන් විදුලි පවත්වා ගෙන යාම සඳහා බලපත් ලබාදීම මාධ්‍ය අමාත්‍යංශය විසින් සිදුකලද ඊට අදාළ සංඛ්‍යාත ලබාදීම සිදුකරන්නේ ජනාධිපතිවරයා යටතේ ඇති විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසිනි. 

දේශීය ආයෝජකයාගේ ඉහල ලන්සුව විසිකරයි : 

දැනට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ පාලනය වන ඊඒපී සමූහ ව්‍යාපාරය වෙනුවෙන් දේශීය ව්‍යාපාරිකයකුගෙන් ඉහළ ලංසුවක් ඉදිරිපත් වී තිබියදීත් එම දේපළ අත්පත් කර ගැනීමට විදේශීය ආයෝජකයකු පෙරමුණට පැමිණ සිටිතැයි යන පුවත නිසා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ කලබලයට පත්ව සිටින බව 'ඉරිදා මව්බිම'  පුවත්පත වාර්තා කර තිබේ.

ස්වර්ණවාහිනිය ඇතුළු ඊඒපී සමූහයේ ව්‍යාපාර ජාලය මිලදී ගැනීමට විදේශීය ව්‍යාපාරිකයකු රුපියල් බිලියන 9.1ක ලන්සුවක් දී ඇති අතර දේශීය සමාගමක් රුපියල් බිලියන 9.3කට එය මිලදී ගැනීමට කැමැත්ත පල කර ඇත.

එය විදේශීය ව්‍යාපාරිකයාගේ ලන්සුවට වඩා රුපියල් කෝටි 20කටත් වැඩි මිලකි.

විදේශීය ලංසුකරු සුදීර් ජයරාම් නමැති ව්‍යාපාරිකයකුට අයත් සිංගප්පුරුවේ ලියාපදිංචි Straits Grid Pte. Ltd. නමැති සමාගමයි. 

ශ්‍රී ලාංකික ලංසුකරු විවිධ ව්‍යාපාරවල යෙදෙන මුල් පෙළේ සමාගමකැයි කියනු ලැබේ. 

'තහවුරු කරන ලද ආයෝජකයෙක්'

මෙම විදෙස් සමාගම, කොළඹ 07, ඩොලර් මිලියන 250. හෝර්ටන් ස්ක්වෙයර්' නමැති මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළුව රටේ කරගෙන යන කටයුතු සම්බන්ධයෙන් අගමැතිගේ නායකත්වයෙන් යුත් 'ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව හා වෙනත් රාජ්‍ය ආයතනද ප්‍රශ්න මතු කර ඇත.

ප්‍රකාශයට පත් නොකරන ලද ඩොලර් දහස් ගණනක මුදලක් රැගෙන ජෙයරාම් පසුගිය නොවැම්බරයේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් රටින් පිට වීමට යෑමේදී අදාළ බලධාරීන්ට හසුවුවත් එම නිලධාරීන් ඔහුට යන්නට ඉඩ දුන් බව වාර්තා වී තිබේ.

ඊ.ඒ.පී. ව්‍යාපාරයට 'තහවුරු කරන ලද ආයෝජකයෙක්' ඇති බව මිට ඉහතදී මාධ්‍ය වාර්තා කොට තිබිණි. 

ඊඒපී ව්‍යාපාරයට අයත් ඊටීඅයි මූල්‍ය සමාගම එහි ක්‍ෂණික ද්‍රවශීලතා ගැටලුව විසදාගැනීම සඳහා රුපියල් මිලියන 400ක ණයක් ලබා ගත්තේය'යි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කොට තිබුණත් ආයෝජකයා කවරෙක්ද යන්න මහ බැංකු අධිපතිවරයා අනාවරණය කර නොතිබිණි.

කෙසේ වුවද, ඊ.ඒ.පී. ව්‍යාපාරය හා ජෙයරාම් අතර සාකච්ඡා 'දියුණු තත්ත්වයකට' පත්ව ඇති බව ආරංචි මාර්ගවලින් තහවුරු වී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment