මධ්‍යම අධිවේගයේ තෙවන කොටස ජපානයට.


මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන කොටස වන පොතුහැර සිට රඹුක්කන හරහා ගලගෙදර දක්වා වන කිලෝමීටර 32.5ක් දිගැති මාර්ග කොටස ඉදි කිරීම සඳහා ජපන් යෙන් බිලියන 100ක අරමුදල් සැපයීමට ජපානයේ ටෝකියෝ මිට්සුබිෂි බැංකුව එකඟ වී තිබේ.

ඒ අනුව, එම මාර්ග කොටස ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, ජපානයේ M/s Taisei Corporation ආයතනය වෙත පිරිනැමීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment