හෙට කැබිනට් මණ්ඩලය වෙනස් වෙයි?


හෙට(22) දිනයේදී කැබිනට් මණ්ඩලයේ වෙනසක් සිදුවිය හැකි බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

අද(21) කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මහජන වරම දී ඇත්තේ අවුරුදු දෙකකට වන අතර තවත් දින පන්සියක් පමණ ඉතිරිව ඇති බව ඒ මහතා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

කවුරුන් හෝ ආණ්ඩුවක් පිහිටු වීමට මන්ත්‍රීවරු 116 ක් සිටිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ කුමන් පක්ෂයක් වුවත් බහුතරයක් පෙන්විය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය‍.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධූරය ලබා දෙන්නේ ද යන්න පිළිබඳ කථානායකවරයා තීරණය කළ යුතු බව ද අමාත්‍යවරයා පැවසීය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment