දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ මන්ත්‍රීවරුන් පිරිස ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව ලබන 27 වනදා පැවැත්විමට අපේක්ෂිත දකුණු පළාත් සභා රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ.
මීට පෙර දකුණු පළාත් සභාවේ සභානායකවරයා ලෙස කටයුතු කළ දකුණු පළාත් සභා මන්ත්‍රී මනෝජ් සිරිසේන මහතා දකුණු පළාත් සභාවේ ක්‍රීඩා යෞවන කටයුතු හා සංස්කෘතික ඇමති තනතුරට පත්වීම හේතුවෙන් අදාළ පුරප්පාඩුව පැවතුනි.
දකුණු පළාත් සභාවේ මේ වන විට සභානායක තනතුර සම්බන්ධයෙන් පවතින පුරප්පාඩු ගැටලුව පිළිබඳව මාධ්‍ය වෙත තොරතුරු දැක්වූ ප්‍රධාන අමාත්‍ය කාර්යාලීය ආරංචිමාර්ග අනුව ආණ්ඩු පක්ෂයේ බහුතර මන්ත්‍රී කැමැත්ත අනුව සභානායකවරයා පත් කරන බවත් ඒ අනුව දකුණු පළාත් සභා මන්ත්‍රී චම්ලි විතානච්චි මහතාට එම තනතුර හිමිවන බව ස්ථිර කර තිබේ.
කීර්ති ලොකුලියන - ගාල්ල
0 comments :
Post a Comment