මතකයන් අවුස්සා
මගහැරී ගිය උත්තුංග නිමේෂය
පසු තැවෙන සුසුමක් ඉතිරිකොට
යළි ඉපිද මිය යන්න
තියාගෙන ඉන්න ඔය සුසුම
යළි ලැබිය නො හැකි ඒ නිමේෂය
නො ලැබීම යනු තක්සේරු නො කළා වූ ප්‍රේමය
ඔබ ලැබූ ප්‍රේමය පහර දෙයි
තමාටම තමා ගැන නොරිස්සයි
අන් මඟක් නැති වංගගිරියක
සුසුම තුල අවතාර ප්‍රේමයේ සැනසුම් මිදි යුෂ
අප අපට හිමි සුසුම් මත දකින සිහිනය
සැබෑවෙන් තුරුලු කොට වෙළී එක් සුසුමක
නිමේෂය කොතරම් සුවිශාල දැයි ප්‍රේමයට නගන්නට
හැකි වේද? කෙටි දුරකි මේ භව අප දැන් අවතාර
- උදය ආර්. තෙන්නකෝන්
0 comments :
Post a Comment