බැංකු කැපීමට කිරිඇල්ලගෙන් දැඩි විරෝධයක්

බැංකු කැපීමට කිරිඇල්ලගෙන් දැඩි විරෝධයක්

 

ඊයේ පැවති කැබිනට් සංශෝධනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙතෙක් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අයත්ව තිබුණු රාජ්‍ය බැංකු යළි මුදල් අමාත්‍යාංශයට අනුයුක්ත කිරීමට යෝජනා කර තිබිණි. එහෙත් නව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ලෙසින් පත් වුණු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම තීරණයට දැඩිව විරෝධය පළ කර ඇත.

රාජ්‍ය බැංකු වල බොහෝ දූෂණ අක්‍රමිකතා ඇතිවන බවත් ඒවා වැළැක්වීම සඳහා තමන්ට ක්‍රමවේදයක් ඇති බවත් ප්‍රකාශ කර ඇති කිරිඇල්ල අමාත්‍යවරයා බැංකු විෂය තමන්ට නොලැබෙන්නේ නම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධුරය ද තමන්ට අනවශ්‍ය බවත් ප්‍රකාශ කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment