විවේචන වලින් පසු නිදහස් උළෙලේ ලැප්ටොප් නැටුම ඉවතට

හෙට ඉරිදා ගාලු මුවදොරදී පැවැත්වීමට නියමිත 70 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ සංදර්ශන පෙළපාලියේදී “නවීන විද්‍යාඥයා” යන තේමාව යටතේ බිංගිරිය අධ්‍යාපන
විද්‍යා පීඨයේ ශිෂ්‍යාවන් ඉදිරිපත් කිරීම සඳහා සූදානම්වූ නැටුම් අංගය දැඩි විවේචන නිසා වෙනස් කර ඇත.
එහිදී පයිප්ප බටවලින් තැනූ දුරේක්ෂ හා

කාඩ්බෝඩ්වලින් තැනූ ලැප්ටොප් අනුරූ යොදාගනිමින් විද්‍යාත්මක සංවර්ධනය විදහාපැමට අමුතු ආකාරයේ නැටුමක් පෙර සූදානම් කළ නමුත් පෙරපුහුණුවීම් වලදී මෙය දැක මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු විවේචන මතුවිය.
වයඹ විද්‍යාපීඨයේ ගුරුවරුන්ගේ සංකල්පයකට අනුව මෙම නැටුම සකස්ව තිබූ අතර සමාජ මාධ්‍ය තුළ මෙම නැටුම සිනහවට ලක් විය.
මේ ගැන අගමැතිවරයාගේ අවධානයට ලක්වීමෙන් පසු අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාට ලැප්ටොප් නැටුමෙන් ලැප්ටොප් ඉවත් කිරීමට උපදෙස් ලැබී ඇත.
ලැප්ටොප් වෙනුවට ලෝක ගෝල අනුරුවක් අතැතිව නර්තනය සිදු කිරීමට ඒ අනුව ඔවුන් සූදානම් වුවද එයටද අනුමැතිය නොලැබුනෙන් මේ වනවිට වෙනත් නැටුමක් ඔවුන්ට කරන්නට සිදුව ඇත.
ලැප්ටොප් නැටුමේ පෙරපුහුණුව අතර වීඩියෝවක් පහතින්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment